ඖෂධ මගඩිය : කෙහෙළියගේ කාලයේ ගෙන්වූ ඖෂධ 38ක තොගයක් ගැන තවත් හෙළිදරව්වක් – ප්‍රමිතියක් නෑ කියලා නඩුත් පවරලා!
ජනාධිපතිවරයා නිකුත් කර ඇති නිර්දේශ උල්ලංඝනය කරමින් කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමැති ධූරය දරන කාල සීමාවේදී මෙරටට ආනයනය කළ තවත් ඖෂධ 38ක් කටුනායක ගුවන්තොටුපළේ රඳවා තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අනාවරණය කරයි.
වංචනික ඉමියුනොගොලොබියුලින් එන්නත් ගනුදෙනුව සිදුවන සමයේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ගෙන්වන ලද මෙම ඖෂධ 38කට ආසන්න තොගය වසරක් තිස්සේ කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ රඳවා තිබෙන බවද වෛද්‍ය චමල් සංජීව පෙන්වාදෙයි.
මෙම ඖෂධ තොගයේ ගුණාත්මකභාවය පරීක්‍ෂා කිරීමකින් තොරව මෙරටට ගෙන්වන ලද බවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකිරීම නිසා එම ඖෂධ මෙරට සෞඛ්‍ය පද්ධතියට එකතු කිරීම අතුරු තහනම් නියෝගයක් මගින් අත්හිටුවා ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.
මෙම ගනුදෙනුව සිදුවන කාලසීමාවේ සෞඛ්‍ය ඇමැති ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ප්‍රමාණවත් සාක්‍ෂි පවතින බව වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් පෙන්වාදෙයි.
ඖෂධ මගඩිය : කෙහෙළියගේ කාලයේ ගෙන්වූ ඖෂධ 38ක තොගයක් ගැන තවත් හෙළිදරව්වක් – ප්‍රමිතියක් නෑ කියලා නඩුත් පවරලා!
2023-12-26T11:40:00+05:30
Gossip Lanka Hot News






