ඌරු උණ වෛරසය සහිත චීනයෙන් ආනයනය කළ මස් තොගයක් වැලිසර ගබඩාවක… වෛරසය ඇතුළුවුනා නම් රටේ ගොවිපල ඉවරයි
වත්තල වැලිසර පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ ආයතනයකට අයත් ශීත ගබඩාවක ගබඩා කර තිබූ ඌරු උණ වෛරසය අඩංගු බවට තහවුරු වූ සොසේජස් ඇතුලු ශීතකළ මස් නිෂ්පාදන තොගයක් ඊයේ (27 දා) විනාශ කිරීමට කටයුතු කළ බව පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සංජික පෙරේරා පවසයි.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව උත්සව සමයේ මෙරට වෙළෙඳ පොළට නිකුත් කිරීමට චීනයේ සිට මෙරටට ආනයනය කර තිබියදී මස් වර්ග කිලෝ 3239 ක් ඉකුත් දින රේගු සහ නිරෝධායන අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. එම මස් තොගය මෙම වැලිසර ගබඩාවේ ගබඩා කර තිබිණි.
ඌරු උණ වෛරසය සහිත මෙම මාංශ තොගයට ශීතකරණ ලද නැවුම් තාරා මස් කිලෝග්‍රෑම් 2560, කුකුල් මස් කිලෝග්‍රෑම් 171ක්, තායිවාන් ග්‍රිල් සොසේජස් කිලෝග්‍රෑම් 56ක්, තාරා ඔලු කිලෝග්‍රෑම් 132ක්, ඌරු මස් කිලෝ 12ක්, කුකුලු තටු කිලෝ 20ක් සහ ස්විට් කෝන් රෝල් සොසේජස් කිලෝ 288ක් ඇතුළත් වන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෑතකදී වියට්නාම කෘෂිකාර්මික ඇකඩමියේ මහාචාර්යවරුන් කරනා ලද පරීක්ෂණයකට අනුව සූකර උණ මිනිසුන්ට කෙළින්ම බලනොපනා මුත් එමගින් ගොවිපොළ සතුන් අතර වසංගත මට්ටමින් පැතිර යා හැකි බවත්, යම් හෙයකින් මෙම වෛරසය සමාජගත වූයේ නම් එමගින් මෙරට ඌරු ගොවිපොළ සම්පූර්ණයෙන් විනාශව යෑමේ අවදානමක් තිබූ බවත් පශු සම්පත් ක්ෂේත්‍රයේ උසස් නිලධාරියෙක් පවසා සිටියේය. – දිවයින
ඌරු උණ වෛරසය සහිත චීනයෙන් ආනයනය කළ මස් තොගයක් වැලිසර ගබඩාවක… වෛරසය ඇතුළුවුනා නම් රටේ ගොවිපල ඉවරයි
2023-12-28T14:01:00+05:30
Gossip Lanka Hot News






