භාණ්ඩ හා සේවා බද්ධ 18%ක් දක්වා වැඩි කිරීම් සම්මත කිරීම සැමරීමට අරලියගහ මන්දිරයේදී ඊයේ රාත්‍රියේ සාදයක් පවත්වා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
අග‍්‍රාමාත්‍යවරයා විසින් පවත්වන ලද මෙම සාදයට ජනාධිපතිවරයා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතුරුන් විශාල පිරිසක් පැමිණ තිබූ බවත් ඔහු පාර්ලිමේන්තුවට සඳහන් කළේය.
ජන ජීවිතය තව තවත් විනාශකාරී තත්ත්වයට පත්කරන වැට් බදු වැඩි කිරීම සම්මත කිරීම එහිදී සමරා ඇති බවද හෙතෙම පැවසීය.
වැට් බද්ද ඉහල නැංවීමේ ඡන්ද විමසීමට තමන් සහභාගී වන්නේ නැති බව පැවසූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයාද එම සාදයට සහභාගි වී සිටි බවද විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේය.