gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල් රෝහල්ගත කරයි! විමල්ටයි ඇපකරුවන්ටයි ‌වහාම හෙට අධිකරණය හමුවේ පෙනී සිටින්න නියෝගයක් නිකුත් වෙයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සහ ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ දී ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ ඇපකරුවන්ට වහාම හෙට (13) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (12) නියෝග කළේය.

විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කළ මුලික විරෝධතා පිළිබඳ නියෝගය අද (12) දින නිකුත් කිරීමට නියමිතව තිබුණි.
 
එම අවස්ථාවේ දී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ, සිය සේවාදායකයා රෝගි තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත වී ඇතැයි අද උදෑසන 9ට තමාට දැනුම්දුන් බවය.
 
එම කරුණු තහවුරු කිරීම සඳහා විමල් වීරවංශ මහතාගේ ඇපකරුවන් හෝ අධිකරණය හමුවේ පෙනී නොසිටීම කෙරෙහි අවධානය යොමුකළ විනිසුරුවරයා, එකී නොතීසි නිකුත් කර ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් හෙට දිනයේ අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.
 
විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ 2010 – 2014 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ දී ඔහුගේ වත්කම් හා ආදායම්වලින් උපයාගැනීමට නොහැකි රු මිලියන 75කට ආසන්න මුදල් හා දේපළ සන්නකයේ තබාගැනීමේ වරද යටතේ අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් එම නඩුව පවරා තිබුණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka