සාගල එජාප නායකත්ව මණ්ඩලයට… නව නායකත්ව මණ්ඩලය මෙන්න
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ හරහා නව නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට තීරණය කර ඇත.
එ් අනුව පක්ෂයේ තීරණ ගැනීමේ හා බලතල ක්‍රියාත්මක කිරීම මෙම මණ්ඩලයට පැවරෙයි.
ජනවාරි මස පළවෙනිදා සිට ක්‍රියාත්මක වන මෙම නව ප්‍රතිසංස්කරණ යටතේ දැනට පවතින නිලතල රැසක්ම අහිමි වී යෑමට නියමිතව තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයට පත්කර ඇත්තේ රුවන් විජේවර්ධන, රවී කරුණානායක, සාගල රත්නායක, අකිල විරාජ්, හරින් ප‍්‍රනාන්දු, නවීන් දිසානායක හා වජිර අභිවර්ධන වන මහත්වරුන්ය.
එක්සත් ජාතික පක්ෂයේ නව මහල්කම්වරයා ලෙස පත්කිරීමට යෝජනා වී ඇත්තේ මැතිවරණ සඳහා ඉදිරිපත් නොවන පූර්ණ කාලීනව පක්ෂ කටයුතු සදහා සහභාගී විය හැකි පුද්ගලයෙකි.
එසේ පත්කරන පුද්ගලයා පිළිබඳ අවසන් තීරණයක් ඉදිරි සතිය තුළ ගැනීමට නියමිතව තිබේ.
සාගල එජාප නායකත්ව මණ්ඩලයට… නව නායකත්ව මණ්ඩලය මෙන්න
2023-12-25T20:18:00+05:30
Gossip Lanka Hot News






