හරක් කටාගෙන් පොලිස් ලොක්කෙකුට කෝටි දෙකක් පිස්තෝල හතරක් සංතෝසම්!
සංවිධානාත්මක අපරාධ කලින් නායකයෙක් වන හරක් කටා විසින් මෑතකදී විශ්‍රාම ගිය ඉහළ පොලිස් නිලධාරියෙකුට අල්ලස් ලෙස ලබා දුන් බව කියන රුපියල් කෝටි දෙකක් හා පිස්තෝල හතරක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ. හරක් කටා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
අදාල නිලධාරියාට මෙම සන්තෝෂම් ලබා දී ඇත්තේ ඔහු සේවයේ යෙදී සිටියදී වන අතර තවත් පොලිසියේ සිටින නිලධාරීන් කිහිප දෙනෙකුටද හරක් කටාගේ මාසික ගෙවීම් ලැයිස්තුවට ඇතුළත් කරගෙන සිටි බවද හෙළි වී ඇත.
හරක් කටාට රහස් විමර්ශනවල තොරතුරු ලබාදීම සඳහා මෙම සන්තෝෂම් ලබා දී ඇතැයි ද සැක පළව තිබේ.
හරක් කටාගෙන් පොලිස් ලොක්කෙකුට කෝටි දෙකක් පිස්තෝල හතරක් සංතෝසම්!
2023-12-25T11:24:00+05:30
Gossip Lanka Hot News






