මාතර බන්ධනාගාරයේ පැතිරෙන මොළේ උණ රෝගයෙන් රැඳවියෙක් මිය යයි… තවත් අයෙක් දැඩි සත්කාරයේ… 16ක් ප්‍රතිකාර ලබමින්!
මාතර බන්ධනාගාරය තුළ පැතිරියන මොළේ උණ රෝගය වැළදිමෙන් මේ වනවිට රැදවියන් 16 දෙනෙකු මාතර රෝහලේ ප්‍රථිකාර ලබන බැව් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ගාමිණි බි දිසානායක පවසයි. ඊයේ (23) පස්වරුවේ දි මොළේ උණ රෝග ලක්ෂණ පෙන්නුම් කළ රැදවියන් 08 දෙනෙකු මාතර රෝහලට ඇතුලත්කළ බවද හෙතෙම පවසයි.
මේ වනවිට රැදවියන් 16 දෙනෙකු මාතර රෝහලේ ප්‍රථිකාර ලබන අතර අසාධ්‍ය තත්ත්වයෙන් මාතර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි රැදවියකු මියගිය අතර තවත් රැදවියකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
දැනට සතියක පමණ සිට මෙම උණ රෝගි තත්ත්වය මාතර බන්ධනාගාරය තුළ පැතිර යමින් පවතින අතර මේ වනවිට බන්ධනාගාර රැදවියන් බැලිම සිමාකොට ඇති අතර නවක රැදවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකිරිමට කටයුතු කර ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
මේ වනවිට සෞඛ්‍ය අංශ මගින් බන්ධනාගාර රැඳවියන් ,නිලධාරින් හා නිලධාරින්ගේ පවුල්වල අය සදහා ඖෂධ ලබාදි ඇති අතර මාතර බන්ධනාගාරයේ රැඳවියන් 550ක් පමණ රදවා සිටින බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත සඳහන් කළේය.
- ලලිත් චාමින්ද
මාතර බන්ධනාගාරයේ පැතිරෙන මොළේ උණ රෝගයෙන් රැඳවියෙක් මිය යයි… තවත් අයෙක් දැඩි සත්කාරයේ… 16ක් ප්‍රතිකාර ලබමින්!
2023-12-24T20:02:00+05:30
Gossip Lanka Hot News






