රනිල්-මහින්ද ෂැංග්‍රිලා එකේ කාමරයක රහස් සාකච්ඡාවක් කරලා!
කොළඹ පැවැති පොහොට්ටුවේ පක්ෂ සමුළුවෙන් පසු පසුගිය ඉරිදා රාත්‍රියේදී කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ විශේෂ හමුවක් පැවැත්වී තිබිණි. රාත්‍රී භෝජන සංග්‍රහයක් සමග පැවැති මෙම සාකච්ඡාවට පැමිණ සිටියේ වෙන කවුරුවත් නොව ජනාධිපතිවරයාත්, සාගල රත්නායකත්, හිටපු ජනාධිපති මහින්දත්, යෝෂිතත්ය.
මීට පෙරද අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ මේ ආකාරයෙන්ම මහින්දත් රනිලුත් සාගලත් ෂැන්ග්‍රිලා හෝටලයේ හමුවී සාකච්ඡා කර තිබූ බවකි. ඊට මහින්දගේ පුත් යෝෂිත රාජපක්ෂද එක්ව සිටි බවද අප එහිදී සඳහන් කර සිටියෙමු.
ඒ අනුවම පසුගිය ඉරිදාත් මේ පිරිස අතර ෂැන්ග්‍රිලා හෝටලයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැති අතර, ඉදිරියේදී දේශපාලන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ දීර්ඝව සාකච්ඡාවක් එහිදී සිදුවිය.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ අදාළ රාත්‍රී භෝජන සංග්‍රහය පැවැති දිනට පසු දින, එනම් සඳුදා දින නිවේදනයක් නිකුත් කරමින් මහින්ද, ජනාධිපතිවරයාට පක්ෂව යම් අදහස් කිහිපයක් නිවේදනය කොට තිබීමය. ‘බදු බර’ යන මැයෙන් එම නිවේදනයේ මාතෘකාව දමා තිබුණද මහින්ද ඒ හරහා කියා තිබුණේ ජාතික මැතිවරණයක් එන තෙක් ආණ්ඩුව ආරක්ෂා කරගැනීම පොහොට්ටුවේ වගකීම යැයි කියාය.
- mawratanews
රනිල්-මහින්ද ෂැංග්‍රිලා එකේ කාමරයක රහස් සාකච්ඡාවක් කරලා!
2023-12-24T18:45:00+05:30
Gossip Lanka Hot News






