පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ගෘහස්ථ ක්‍රීඩා තරඟාවලියේ ජය සංකේත සහ සහතික පත් ප්‍රදානය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ බිලියඩ් ශාලාවේදී පැවැත්වුණා.
ගෘහස්ථ ක්‍රීඩා ඉසව් 06 ක් යටතේ පැවති තරඟාවලියේ ස්නූකර් තරග ඉසව්වේ අවසන් තරගය ජනාධිපතිවරයා ඉදිරියේ පැවැත්වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල සහ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අතර පැවති තරගයේ ජයග්‍රහණය සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයාට හිමිව තිබුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී කියා සිටියේ සභා ගර්භයේ මන්ත්‍රීවරුන් අතර ඇති වන උණුසුම සමනය කර සුහදතාව වර්ධනය කර ගැනීමට ක්‍රීඩාව ඉවහල් වන බවයි. මෙම සම්ප්‍රදාය බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ඇතුළු පාර්ලිමේන්තු ගණනාවක ක්‍රියාත්මක බවද ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසනවා.