Face Mask දමන්නැයි දැනුම් දෙයි!
ඉන්දියාව ඇතුළු රටවල් පහක පැතිරෙන ඔමික්‍රොන් ජේ.එන්. 1 කොවිඩ් වයිරස ප්‍රභේදය මෙරටට ඇතුළු වීමේ අවදානමක් ඇති බැවින් වියපත් වූවන්, විවිධ සංකූලතා සහ බෝ නොවන රෝගවලින් පෙළෙන්නන්, දුර්වල ප්‍රතිශක්තියක් ඇති පුද්ගලයන් සහ ජනාකීර්ණ, පිරිසිදු වාතාශ්‍රයක් රහිත ආවරණය වූ ස්ථානවල ජීවත් වන පුද්ගලයන් නැවත මුහුණු ආවරණ පාවිච්චි කිරීම වැදගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී, මහාචාර්ය චන්දිම ජීවන්දර පැවසීය.
මේ වන විට කොවිඩ් 19 ඔමික්‍රාන් වයිරස ප්‍රභේදයේ B.A.2. 86 නමැති උප ප්‍රභේදය විකෘති වීමෙන් නිර්මාණය වූ JN.1 වයිරසය වේගයෙන් ව්‍යාප්ත වන ආකාරයක් දැකිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
දිගින් දිගටම පවතින අධික උණ තත්ත්වය, කැස්ස, සුවඳ සහ රස නොදැනීම, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර අරුචිය, වමනය කොවිඩ් නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ බව පැවසූ මහාචාර්ය චන්දිම ජීවන්දර මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් පැතීම වැදගත් බවද සඳහන් කළේය.
– රසික කොටුදුරගේ
Face Mask දමන්නැයි දැනුම් දෙයි!
2023-12-25T09:27:00+05:30
Gossip Lanka Hot News






