gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“වැට්” දොස්තරලා “ෆ්ලැට්” කරලා… යන්න හදන 5000ක් වෛද්‍යවරු ඉඳියි කියලා හිතන්න එපා… GMOA ආණ්ඩුවට දැනුම් දෙයි!

වක්‍රබදු වැඩිවීම සහ සෘජුබදු සංශෝධනය නොවීම හේතුවෙන් විදේශගත වීමට බලා සිටි වෛද්‍යවරුන් 5000 ට අධික පිරිසක් මෙරට රඳවා ගැනීමට නොහැකි වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි. 

මේ වන විට සෘජු බද්දක් වන උපයන විට බද්ද වැඩිවශයෙන්ම ගෙවනුයේ වෘත්තිකයන්වන අතර මේ වන විට රජයේ බදු එකතු කිරිමේ ඉලක්කය අභිබවා ගොස් ඇති විටදී  පවා බදු සංශෝධනය කිරීම  පුදුමයට කරුණක් යැයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජෙසිංහ පවසා සිටියි.
 
මෙවැනි අපහසුතා මධ්‍ය යේ සිය සේවාවන් කර ගැනීමට නොහැකි බන බැවින් මේ වන විට විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටි වෛද්‍යවරුන් 5000ක පිරිසක් රට හැර යාම ඒකමතිකව තීරණය කර ඇති බව හෙතෙම පැවසුවේය.

එම වෛද්‍යවරුන් එංගලන්තය, ඔස්ට්‍රේලියාව  සහ මැදපෙරදිග රටවල් වෙත යාමට සූදානමින් සිටි නමුත් රජයේ බදු ප්‍රතිප්තිය මගින් තමන්ට යම් සහනයක් ලැබෙනු ඇතැයි අපේකෂාවෙන් සිටිය ද  එවැනි සහනයක් නොලැබෙන බැවින් රට හැරයාම හැරුණුකොට වෙනත් විකලප්යක් නොමැති බව ඔවුන් සංගමයට දැනුම් දී ඇතැයි වෛද්‍ය විජේසිිංහ පෙන්වාදේ.

මේ තත්තවය මත ඉදිරියේදී රෝහල්වල වෛද්‍යවරුන්ගේ උග්‍ර හිඟයක් ඇතිවීම වැලැක්විය නොහැකි වනු ඇති බව සංගමය අනතුරු අගවා සිටියි.

ශ්‍රියානි විජේසිංහ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka