gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිවරයෙක් යළි පාර්ලිමේන්තුවට එනවා නම් විශ්‍රාමික ජනාධිපති වරප්‍රසාද අත්හල යුතුයි… දයාසිරි පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න යයි!

රටේ විධායක ජනාධිපතිවර ධූරයත් දැරූ පසු යළි එම තැනැත්තා පාර්ලිමේන්තුවට පැමිණෙනවා නම් හිටපු විධායක ජනාධිපතිවරයෙක් ලෙස භුක්ති විඳින සියලුම වරදාන සහ වරප්‍රසාදවලින් ඉවත් විය යුතු බවට වූ නීතියක් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගෙන එය ව්‍යවස්ථාවට ඇතුළු කිරීමේ අභිලාෂයෙන් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද මාධ්‍ය ඉදිරියේ පැවසුවේය.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද  (30) කොළඹ දී පැවත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී මන්ත්‍රීවරයා  තමන්  ලබන ජනවාරියේ දී  ඉදිරිපත් කිරීමට සූදානම්වන  නීති කෙටුම්පත පිළිබඳව මෙසේ පැහැදිලි කිරීමක් කළේය.

“ ජනාධිපති ධූරය කියන්නේ රටේ ඉහළම තැන.   ජනාධිපතිවරයා ලෙස  මේ රටේ ඉහළම ස්ථානයට ගිය යම් පුද්ගලයෙකුට නැවත වරක් පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරීමේ පූර්ණ නිදහස තියන බව අප පිළිගන්න ඕන. නමුත්  ඔහු  නැවත මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට  එනවා නම්  ඔවුන් ජනාධිපතිවරු ලෙස ගන්නා ලද වරප්‍රසාවලින් ඉවත් විය යුතුයි. හිටපු ජනාධිපතිවරයෙක් ලෙස ලැබෙන ආරක්ෂාව, නිල නිවස, වෙනත් වරප්‍රසාද සඳහා අති විශාල පිරිවැයක් මහ ජනතාව පිට පටවමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීම උචිත නැති බවයි මගේ හැඟීම.

ජනාධිපතිවරයෙකුගේ  වරදාන අරන්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරීම උචිත නෑ. “

“ඒ සඳහා අවශ්‍ය පියවර ඉතාම ඉක්මනින් බලාපොරොත්තු වෙනවා. දැනට ඒ සම්බන්ධව නීති ක්ෂේත්‍රයේ විද්වතුන් සමග සාකච්ඡා කරමින් ඉන්නවා.  එම කෙටුම්පත ජනවාරියේ දි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා එය   නීතියක් ලෙස ව්‍යවස්ථාවට ඇතුළු කරන්න කියලා  යෝජනාවක් ගේන්න මා බලාපොරොත්තු වෙනවා.”. මන්ත්‍රීවරයා කීවේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka