gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල්ලාගේ චීන පිළෙන් ජනාධිපතිවරණයට නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක්!

එළැඹෙන වසරේ (2024) පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීමට නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට උත්තර ලංකා සභාගය යෝජනා කර ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව විපක්ෂයේ බලවේග කිහිපයක්ම යෝජනා ඉදිරිපත් කර ඇති බවද දැනගන්නට ඇත.

එහෙත් මේ වනවිට උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මන්ත්‍රීවරයා විදේශගතව සිටින බැවින් ඔහු නැවත පැමිණි වහාම මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා පවත්වන බව උත්තර ලංකා සභාගයේ ප්‍රකාශකයෙක් ‘මව්බිම’ පුවත්පතට පවසා ඇත.

මෙම අපේක්ෂකයා රාජ්‍ය සේවකයකු හෝ හමුදා නිලධාරියකු හෝ ආචාර්ය, මහාචාර්යවරයකු හෝ වෙනවාට වඩා රටේ බිම් මට්ටමේ සිට ජාතික තලය දක්වා විහිදී යන දේශපාලනය පිළිබඳ හසළ දැනුමක් සහිත පුද්ගලයකු විය යුතු බවද ඒ පිළිබඳව කළ සාකච්ඡාවලදී අදහස් පළවී ඇති බවද එම ප්‍රකාශකයා සඳහන් කරයි.

මෙම නිර්පාක්ෂික අපේක්ෂකයා ඉදිරිපත් කිරීම පිළිබඳව විපක්ෂයේ පක්ෂ කිහිපයකටම අදහස් ඉදිරිපත් කළ නමුත් ඒ පිළිබඳ එම පක්ෂ අවසාන නිගමනයකට තවමත් පැමිණ නැති බවද උත්තර ඔහු පවසයි.

එළැඹෙන (2024) දී මේ පිළිබඳ තවදුරටත් පුළුල් සාකච්ඡා පැවැත්වීමට සූදානම් යැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

විමල් විරවංශ මන්ත්‍රීවරයා ප්‍රමුඛ කණ්ඩායම මේ වන විට චීනය සමග සමීපව කටයුතු කරමින් සිටිති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka