gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජබ සන්ධානය කඩන්න බලගතු පිල්ලියක් එවයි!

සමගි ජන බලවේගය මුල් කොටගෙන ඉදිරියේදී බිහිවීමට නියමිත දැවැන්ත දේශපාලන සන්ධානය කඩා බිඳදැමීමේ අරමුණෙන් තවත් ප්‍රබල උත්සාහයක් දැරීමට ආණ්ඩුවේ පිරිස් කටයුතු කොට ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව, සජබය ඇතුළෙන්ම තෝරාගත් කිහිප දෙනකු යොදාගෙන සජබ සන්ධානය කඩා බිඳදැමීම මෙම පිරිසේ සැලසුම වී ඇති අතර, ඔවුන් ලවා සන්ධානයට එරෙහි ප්‍රකාශ නිකුත් කරවා ගැනීමද එම සැලසුමේ එක් කොටසක් වී ඇති බව පැවැසේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකු සමග පසුගිය සතියේ අතිශය රහසිගත සාකච්ඡා වට ගණනාවක නිරතව ඇති අතර, එහිදී ඔවුන් විසින්ද මෙම තොරතුරු විපක්ෂ නායකවරයා වෙත හෙළිකොට ඇති බවද දැනගන්නට තිබේ.

මීට අමතරව සන්ධානය කැඩීම සඳහා යොදා ඇති එම පිල්ලි සම්බන්ධයෙන් ඇඟ කිලිපොළා යන ආකාරයේ විශේෂ හෙළිදරව් රැසක්ද මෙම අමාත්‍යවරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත සිදුකර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම දැවැන්ත සන්ධානය ගොඩනැගීම සඳහා විපක්ෂ නායකවරයා වෙත සම්පූර්ණ බලය ලබාදීමට පසුගිය සතියේ පියවර ගෙන තිබිණි.

ඒ අනුව, ඉදිරි සති කිහිපය ඇතුළත සන්ධානයේ සෙසු නායකයන් සමග අවබෝධතා ගිවිසුම් අස්සන් කිරීමට විපක්ෂ නායකවරයා සැලසුම් කොට ඇති බවද දැනගන්නට ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka