Breaking News : ඉන්දීය සාගරයේ භූකම්පන හතරක්!
අද අලුයම් කාලේ ඉන්දියන් සාගරයේ භූ කම්පන හතරක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
එහි පලමු කම්පනය රික්ටර් පරිමාණ ඒකක 4.8ක්, දෙවන කම්පනය 5.2ක්, තුන්වන කම්පනය ඒකක 5.8ක් හා හතරවන කම්පනය ඒකක 5ක් ලෙස වාර්තා වී ඇත.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් කිලෝමීටර් දහසක් පමණ දුරින් මාලදිවයින ආසන්නයේ මෙම කම්පන වාර්තා වී ඇත.
එමගින් ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති නොවන බවද කාර්යංශය කියා සිටී.
කිලෝමීටර් දහයක් පමණ ගැඹුරින් සාගර පතුලෙ වූ කඳු වැටියක මෙම කම්පන සිදුව ඇති බවද සඳහන්ය.
Breaking News : ඉන්දීය සාගරයේ භූකම්පන හතරක්!
2023-12-29T09:33:00+05:30
Gossip Lanka Hot News






