gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

යෝෂිතට එරෙහි අයතා දේපළ රැස් කිරීමේ නඩුව : නීතිපති උපදෙස් හිරවෙයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පුත් යෝෂිත රාජපක්‍ෂ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ගේ නමට දෙහිවල මිහිඳු මාවතෙන් රුපියල් කෝටි 5ක් පමණ වටිනා ඉඩමක් මිලට ගැනීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට අදාළව නීතිපති උපදෙස් සඳහා සිහි කැඳවීමක් යොමු කරන්නැයි ගල්කිස්ස මහේස්ත්‍රාත් කෝසල සේනාධිර පසුගිය (24) වැනිදා යළි නියෝග කර තිබේ.

අයථා මාර්ගයෙන් උපයා ගත් සැක සහිත මුදල් ව්‍යාපාර කටයුතුවලට සහ දේපළ මිල දී ගැනීමේ කටයුතු සඳහා භාවිත කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මුදල් විශුද්ධිකරණ පනත යටතේ මේ නඩුව යෝෂිත රාජපක්‍ෂට සහ ඔහුගේ මිත්තණිය ඩේසි ෆොරස්ට එරෙහිව ගොනුකර ඇත.

සැකකාර යෝෂිත රාජපක්‍ෂ සහ ඩේසි ෆොරස් යන අය පසුගිය (24) වැනිදා අධිකරණය ඉදිරියේ පෙනී සිටි තිබේ.

මෙම නඩුව ලබන වසරේ (2024) මැයි මස 31 වැනි දිනට නැවත කැඳවීමට නියමිතය.

සුප්‍රසිද්ධ මැණික් මල්ලේ කතාව ජනගතවන්නේද යෝෂිත රාජපක්ෂගේ මෙම අයතා දේපළ රැස් කිරීම් සම්බ්නධ විමර්ශනවලට අදාළව යෝෂිත රාජපක්‍ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස් විසින් ලබා දුන් කටඋත්තරයක් පිළිබඳ කරුණු අධිකරණයේදී අනාවරණය වීමත් සමගය.

උපුටා ගැනීම : lankatruth
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka