gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චාමර වීරසිංහගේ සුවදුක් බලන්න ඒම දස වදයක් වෙලා තියෙන්නේ.. ඔහුගේ නවතම තත්වය මෙන්න…

කළුබෝල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ගායන ශිල්පී චාමර වීරසිංහගේ සුව දුක් විමසමින් ජනතාව පැමිණීම එම රෝහලේ කාර්ය මණ්ඩලයට දස වදයක් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ මෙම රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් මාධ්‍ය වෙත රෝහල විසින් නිකුත් නොකිරීමෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

කෙසේ වෙතත් තම සංසදය ලෙස ප්‍රකාශ කිරීමට ඇත්තේ වමත් චාමර වීරසිංහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තව දුරටත් ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ තත්ත්වය උත්සන්න වීමක් හෝ සුව අතට හැරීමක් පෙන්නුම් නොකරන බවත් හෙතෙම පැවසීය.

මේ වන විටත් ඔහුට රෝහලෙන් ලබා දිය හැකි ඉහළම ප්‍රතිකාර ලබා දෙමින් සිටින බවද හෙතෙම තවදුරටත් සදහන් කරයි.

ඔහුගේ සුවදුක් විමසීමට එන ජනතාවගෙන් ඉල්ලීමට ඇත්තේ රෝහල් කාර්ය මණ්ඩයට බාධාවක් සිදු නොකර චාමර වීරසිංහට සෙත් පතා බෝධි පූජා හෝ වෙනත් ආගමික කටයුතුවල නියැලීම වඩා සුදුසු බවත් ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka