නව ආර්ථිකය නිර්මාණය කරන්න ඕනලු… ඒකට තව කල් ඕනලු… ජනපති ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නොකියා කියලා!
ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නැතැයි තමා කොතැනකවත් කියා නැති බවත් රටේ නව ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා තවත් වැඩ කටයුතු බොහෝමයක් කළ යුතුව ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් පිරිසක් හමුවේ සඳහන් කර තිබේ.
කොළඹ දී නත්තල් නිවාඩුවට පෙර ඇමතිවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
මෙහිදී අමාත්‍යවරයකු ජනාධිපතිවරයාගෙන් විමසා ඇත්තේ ” සර්, මේ පාර ජනාධිපතිවරණයට එන්නේ නෑ කියන කතාව ඇතැමුන් කියනවා, මොකක්ද මේකේ ඇත්ත නැත්ත යනුවෙනි.
ඊට පිළිතුරක් දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ” මම තවම එනවා කියලත් නෑ. එන්නේ නෑ කියලත් නෑ. කොහොම වුණත් රටේ ආර්ථිකය ගොඩ ගන්න තව වැඩකටයුතු බොහොම කරන්න තියෙනවා, යනුවෙනි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන් කළ යුතුව තිබෙනවා. අලුත් ආර්ථිකයක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. ඊට කාලය අවශ්‍යයි. යනුවෙන්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී සඳහන් කර ඇත. – ලංකාදීප
නව ආර්ථිකය නිර්මාණය කරන්න ඕනලු… ඒකට තව කල් ඕනලු… ජනපති ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නොකියා කියලා!
2023-12-27T10:30:00+05:30
Gossip Lanka Hot News






