gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ව්‍යවස්ථාදායක සභාවේ බෙදීමක් තියෙනවා නම් ඒ ගැන කටයුතු කිරීමේ බලය තියෙන්නේ කතානායකටයි පාර්ලිමේන්තුවටයි විතරයි! ජනාධිපතිට ඒකට තේරීම් කාරක සභා පත්කරන්න බෑ!

විසිඑක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිට වූ ස්වාධීන ආයතනයක් වන ව්‍යවස්ථාදායක සභාව තුළ යම් බෙදීමක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය ඇත්තේ කථානායකට සහ පාර්ලිමේන්තුවට පමණක් යැයි ආචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.

ව්‍යවස්ථාදායක සභාවේ යම් බෙදීමක් ඇත්නම් ඒ පිළිබඳව ද ක්‍රියාකළ යුත්තේ කථානායකවරයා වන අතර ඒ පිළිබඳ සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර නැතැයි ද හෙතෙම කීය.

එම සභාව තුළ මතුව ඇති තත්ත්වය පිළිබඳව ගත යුතු නෛතික තත්ත්වය සම්බන්ධයෙන් විමසීමට කළ කරුණු විමසීමකදී ඒ මහතා මේ බව පැවසීය.

හෙතෙම වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 41(ආ) මේ සම්බන්ධයෙන් කියන්නේ පිහිටුවන ස්වාධීන කොමිෂන් සභා ඇතුළු රටේ ඉහළ තනතුරු සඳහා පත් කිරීම් කරන්නේ ජනාධිපතිවරයා වුවද ඒ සඳහා අනුමැතිය ලබාදිය යුත්තේ ව්‍යවස්ථාදායක සභාව විසින් බවයි. වැඩබලන තනතුරකට යම් පත්කිරීමක් කරන්නේ නම් එයත් ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කළ යුතුයි. ව්‍යවස්ථාදායක සභාව මෙහෙයවීමේ අයිතිය තිබෙන්නේ ස්වාධීන කථානායකවරයාටයි.

කථානායක තමයි ව්‍යවස්ථාදායක සභාවේ අවසන් තීරණයට වගකිව යුත්තේ. දැන් මේ සභාවේ යම් බෙදීමක් තිබෙන බව කියනවා නම් එය විසඳිය යුත්තේ කථානායක විසිනුයි. ඒ ගැන කථානායකට පුළුවන් පාර්ලිමේන්තුවට කරුණු කියන්න.

ඒ වගේම ව්‍යවස්ථාදායක සභාව ලබාදෙන අනුමැතියට ජනාධිපතිවරයාට මැදිහත්වෙන්නත් බැහැ. ඒ වගේම ජනාධිපති කියන ආකාරයේ තේරීම් කාරක සභා ගැන ව්‍යවස්ථාවේ සඳහනක් නැහැ. කොහොම වෙතත් ඔය කියන ඕනෑම තේරීම් කාරක සභාවක් පත්කර යුත්තේ පාර්ලිමේන්තු අනුමැතියකින් යුතුවයි. ඒ නිසා ඔය කටයුත්ත පාර්ලිමේන්තුව තුළින්ම විසඳා ගැනීම සුදුසුයි.

දිවයින
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka