gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජෙරම් ප‍්‍රනාන්දු අත්අඩංගුවට! අධිකරණයට ඉදිරිපත් කරයි… (video)

අනගාත වක්තෘ (Prophet) ජෙරම් ප්‍රනාන්දු   අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ වනවිට ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. 
ආන්දෝලනාත්මක ඉරිදා ධර්ම දේශනාවක් පවත්වමින්   ආගමික සංහිඳියාව පළුදු කිරීම සම්බන්ධයෙන් වූ චෝදනා මත ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව  මෙසේ ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.

ඊයේ පැය 08ක් පුරා ජෙරොම් ප්‍රනාන්දුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව  යළි  අද පෙරවරුවේ දෙවැනි දිනයටත්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් අනතුරුව ඔහු මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
මාස හයකට පෙර සිදුවූ මෙම ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධව විමර්ශන ආරම්භ වීමත් සමග පසුගිය මැයි 15 වැනිදා ජෙරොම් ප්‍රනාන්දු කටුනායක ගුවන්තොටුපලින් සිංගප්පූරුව බලා ගියේය.

මේ මුළු කාලයම ඔහු ගත කළේ සිංගප්පූරවේය. අනතුරුව ඔහු ගොනුකළ පෙත්සමක් මගින්  තමන්  අත්අඩංගුවට නොගන්නා ලෙස ලබා ගත් අධිකරණ නියෝගයක් මත පෙරේදා (29) උදෑසන යේ දිවයිනට පැමිණි ජෙරොම් ප්‍රනාන්දු   ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටිමින් දීර්ඝ ප්‍රකාශයක් ලබා දුන්නේය.

අධිකරණ නියෝගය ලබා දී තිබුනේ ඔහුව ගුවන්තොටුපලේ දී අත් අඩංගුවට නොගන්නා ලෙසත් ඉදිරියේ පැවැත්වෙන විමර්ශන කටයුතුවලට අදාලව සුදුසු නෛතීක ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ය. එමෙන්ම දිවයිනට පැමිණ පැය 48ක් තුළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දීමට ද ජෙරොම් ප්‍රනාන්දුට නියෝග කර තිබිණි.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka