gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රන් තැටි හොරකමින් පසු අතුරුදහන්ව සිටි කතරගම මහ කපුවා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවෙයි…

පාතාල නායක  අංගොඩ ලොක්කාගේ පුතාගේ අපල දුරුවීම සඳහා අංගොඩ ලොක්කා  විසින් හදා බිරිඳ අතේ   කතරගම  දේවාලයට එවූ රත්තරන් පවුම් 38ක්  වටිනා රන් බන්දේසිය අතුරුහන් කිරීමට වගඋත්තරකරුව සිට අතුරුදහන් වූ කතරගම මහ කපුවා වන සෝමිපාල ටී රත්නායක අද උදෑසන දුව සහ බෑනා සමග පැමිණ කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වුනේය.
ඔහුගෙන් ලබා ගත් පැයක පමණ කටඋත්තරයෙන් පසුව ඔහුව   තිස්සමහාරාම අධිකරණයට වෙත යොමු කර තිබිණි.

මෙම වංචාවට චෝදනා ලැබූ මහ කපුවාගේ මුණුබුරා වූ චූටි කපුවා ද පසුගිය සතියේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලැබුවේය.

මහ කපුවාත් ඇප පිට නිදහස්…

කතරගම දේවාලයට පූජා කළ පවුම් 38ක රන් තැටියක් සොරකම් කිරීමට චෝදනා ලද ප්‍රධාන සැක කරු වූ  කතරගම මහ කපුවා ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක්  සහ සෑම මසකම අවසන් සතියේ ඉරිදා දින කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටීමේ කොන්දේසි මත මුදා හැරීමට තිස්ස මහාරාම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු තරිඳු ද සිල්වා මහතා අද (27) මීට ස්වල්ප වෙලාවකට පෙර නියෝග කළේය.
අංගොඩ ලොක්කා නැමති පාතාල  අපරාධකරු විසින් කතරගම දේවාලයට පූජා කළ පවුම් 38ක රන් තැටියක් සොරකම් කිරීම සම්බන්ධව චෝදනා එල්ල වීමෙන් පසු  අතුරුදහන් වී සිටි මහ කපුවා වූ සොමිපාල ටී රත්නායක අද කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් පසු පැයක් පමණ තිස්සේ ප්‍රකාශයක් ලබාගෙන තිස්සමහාරාම අධිකරණය වෙත යොමු කර තිබිණි.

ඒ අනුව තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුව ඇප මත නිදහස් කළේය.

සිද්ධිය 

ඉන්දියාවේදී අභිරහස් ලෙස මියගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තා ගේ බිරියවන අබේසිංහගේ නිසංසලා නමැත්තිය සිය පුතුගේ අපල දුරු වීම සඳහා ඔහුගේ නම කොටා ,අංගොඩ ලොක්කාගේ වයසට සරිලන ලෙස පවුම් 38 ක බරකින් යුත් රන් තැටියක් සාදා 2019 ජූලි මස 3 වෙනි දින කතරගම මහා දේවාලය වෙත පූජා කර තිබිණි.

එය පූජා කරන අවස්ථාවේදී තේවාව භාරව සිට ඇත්තේ අත් අඩංගුවට ගෙන ඇප මත නිදහස් වූ   සොමිපාල ටී රත්නායක නමැති ප්‍රධාන කපුවා  බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පූජා කරන ලද එම රන් තැටිය සති දෙකකට පමණ පසු ප්‍රධාන කපුවාගේ කාමරයේ තබා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබිණි

ඒ අනුව සිදුකළ විමර්ශනයේ කරුණු අධිකරණයට වාර්තා කිරීමෙන් පසු  ඉකුත් 11 වෙනි දින එම කපුවන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කතරගම බලා පිටත්ව ගියද ඔවුන් පදිංචි නිවෙස්වල නොසිටියේය.   එහි ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට හිස් අතින් පැමිණීමට සිදුවී තිබිණි.

ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ ගිය බවත් පැමිණි පසු ඒ බව දැනුම් දෙන බව නිවෙස් හිමියන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක එක බාර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් පි පි ජේ නිශාන්ත   ඇතුළු කණ්ඩායමට පවසා තිබිණි.
එදා සිට මේ දක්වා ප්‍රධාන කපුවා අතුරුදහන්ව සිටි බව පොලිසිය කීවේය.

 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka