ත්‍රිපෝෂවල ඇෆලටොක්සීන් දෙගුණ කරන්න අනුමතයි.. ගජමිතුරන්ගේ බාල බඩඉරිඟු ගොඩබාන්න ලෑස්තියි..
ත්‍රිපෝෂවල අඩංගු විය හැකි ඇෆලටොක්සීන් මාත්‍රා ප්‍රමාණය දෙගුණ කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇති බවත් එය ජනතා ද්‍රෝහී ක්‍රියාවක් බවක් පෙරටුගාමී සමාජවාදි පක්ෂය සඳහන් කරයි.ආණ්ඩුව මේ උත්සහ කරන්නේ ගජ මිතුරන්ට බාල බඩ ඉරිඟු ගෙන්වීමට අවසර දීමට බව එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.
නොවැම්බර් මස තුන්වෙනි සතියේ කැබිනට් මණ්ඩලයට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව මගින් ත්‍රිපෝධවල ඇෆළටොක්සින් මට්ටම දෙගුණ කිරීමට අවසර හිමිව ඇති බවද හෙතෙම කියා මිටී.
ඇෆලටොක්සින් යනු ආහාරවල සෑදෙන දිලීරවරින් නිකුත් කරන රසායනිකයක් බවත් එය ඉතා විෂ සහිත බවත් ශරීර ගත වූ වුවහොත් අක්මාවට බරපතල හානි වන බවත් ඔහු පෙන්වා දෙයි.
එය පිළිකා කාරකයක්ද වන නිසා දරුවන්ගේ පිළිකා අවදානම ඉහළ යන බව ද ඔහු පැවසුවේ සිය පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
ත්‍රිපෝෂවල ඇෆලටොක්සීන් දෙගුණ කරන්න අනුමතයි.. ගජමිතුරන්ගේ බාල බඩඉරිඟු ගොඩබාන්න ලෑස්තියි..
2023-12-27T16:38:00+05:30
Gossip Lanka Hot News






