gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලබන මැතිවරණයේදීත් ආණ්ඩු බලය ගන්නවා

ඉදිරි මැතිවරණයේදීත් ආණ්ඩු බලය ලබා ගැනීම තම බලාපොරොත්තුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ආණ්ඩු බලය ගන්නවා මිස විපක්ෂයට යෑමට හෝ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම ලබා ගැනීමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවද රාජපක්ෂ මහතා කීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ  "කිරිඳිවැල සතුටු පවුල" අධ්‍යාපනික හා වෙළෙඳ  ප්‍රදර්ශන සැණකෙළියේ දෙවැනි දින සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.   

එහිදී මාධ්‍යවේදීන් හිටපු ජනපතිගෙන් ඇසූ ප්‍රශ්නවලට දුන් පිළිතුරු මෙසේ ය. 

ප්‍රශ්නය:- ඉදිරි වසර මැතිවරණ වසරක්. පක්ෂයට අලුතින් ආසන සංවිධායකයන් පත්කරන්න බළාපොරොත්තු වෙනවද?

පිලිතුර:-එහෙම එකක් නැහැ. ඉන්න සංවිධායකයන්ගෙ වරදක් නැහැ. මැතිවරණයකුත් තියෙනවනේ.

ප්‍රශ්නය:-පක්ෂය හැරගිය අය සම්බන්ධයෙන් ගන්න පියවර මොකක්ද?

පිළිතුර:-පක්ෂය හැර ගිය අය වෙනුවට අලුත් අය පත් කරනවා. මම හිතන්නේ දැනටම ඒ දේවල් කරල තියෙනවා. 

ප්‍රශ්නය:- මේ දවස්වල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නවා.

පිළිතුර- මම හිතන්නෙ මේ ආණ්ඩුව කරන හොඳම වැඩක් ඒක. මේ රටම විනාශ වෙන්නෙ මත්ද්‍රව්‍ය නිසයි. 

ප්‍රශ්නය:- විපක්ෂනායක ධූරය ගන්න ඔබතුමා සූදානම් වෙනව කියල කතාබහක් යනවා. ඒක ඇත්තද?

පිළිතුර:-තාම එහෙම කතාවක් නැහැ. අපේ බලාපොරොත්තුව ඊළඟ මැතිවරණයේදී  බලය ලබාගැනීමයි. විපක්ෂයට යන්න බලාපොරොත්තුවක් නැහැ. 

ප්‍රශ්නය:-ඉදිරියේදී බදු අඩුකරනවද? වැඩි කරනවද?

පිළිතුර:- බදු නැතිකරන්න බැහැනේ.බදු තියේවි. මම කියන්නේ මිනිස්සුන්ට සාධාරණ බදු ක්‍රමයක් හඳුන්වා දෙන්න ඕන.

(අංජුල මහික වීරරත්න)
-lankadeepa
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka