පොහොට්ටු මූලස්ථානට පුන්නක්කු රැගෙන අරගලකරුවෝ එති..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයට අද දිනයේ පුන්නක්කු බාල්දියක් රැගෙන විරෝධතාවකරුවන් පිරිසක් පැමිණියේය. නෙළුම් මාවතේ පිහිටි එම කාර්යාලය වෙත පැමිණි ජන අරගල ව්‍යාපාරයේ සාමාජිකයන් පිරිස පොදු ජන පෙරමුණේ මහ ලේකම් සහකාරකාරියවසම් මහතාට විරෝධය පළ කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනයේදී මහලේකම්වරයා විසින් කරන ලද ප්‍රකාශයකට ඔවුන් එහිදී විරෝධය පළ කළහ.
කෙසේ නමුත් කාර්යාලයට ඇතුළු වීමට අවස්ථාවක් ලබා නොදීම හේතුවෙන් ඔවුන් එම මාර්ගය ඉදිරිපිට විරෝධතාවය පළ කළ අතර ඔවුන් විසින් ගෙන එන ලද පුන්නක්කු බාල්දියක්ද පාර අයිනේ තබා තිබින.
පොහොට්ටු මූලස්ථානට පුන්නක්කු රැගෙන අරගලකරුවෝ එති..
2023-12-18T21:55:00+05:30
Gossip Lanka Hot News






