වහාම මිහින්තලයට ආරක්ෂාව සලසන්න! අස්ගිරි-මල්වතු නාහිමිවරු ජනාධිපතිට ලිඛිතවම දැනුම් දෙති! මෙන්න යවපු ලියුම!
මිහින්තලය සමස්ත ලෝක වාසි බෞද්ධ මහජනතාවගේ කේන්ද්‍රස්ථානයක් නිසා එහි ඇති පුරාවිද්‍යාත්මක නටඹුන් සුරක්ෂිත කොට මිහින්තලා පුදබිම වන්දනාමාන කිරීමට පැමිණෙන උවසු උවැසියන්ගේ මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂව තහවුුරු කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින් හා ශ්‍රී ලංකා පොලිසිය නිසි මැදිහත් වීම නිරත්තරයෙන් ලබාදිය යුතු බව අස්ගිරි මාල්වතු පාර්ශවයේ මහ නා හිමිවරු ජනනපතිට ලිපියක් යවමින් දැනුම් දුන්හ.
මිහින්තලාව ථේරවාදි බෞද්ධ මහාවිහාරයීය බෞද්ධ සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානයක් බැවින් මෙම පුන්‍යභුමියේ අභිත ශ්‍රී විභුතිය සුරක්ෂිත කොට මතු පරපුර උදෙසා දායාද කිරිමට ජනාධිපතිතුමා ඇතුලු සියලු අංශ කටයුතු කළ යුතු බව ද එම ලිපියේ සඳහන් වේ.
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් සහ වරකාගොඩ ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් විසින් මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබේ.
එම නිවේදනය පහතින් දැක්වේ
වහාම මිහින්තලයට ආරක්ෂාව සලසන්න! අස්ගිරි-මල්වතු නාහිමිවරු ජනාධිපතිට ලිඛිතවම දැනුම් දෙති! මෙන්න යවපු ලියුම!
2023-12-18T21:52:00+05:30
Gossip Lanka Hot News







