ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි මිනීමැරුමකට සැකපිට ලාංකිකයකු අත්අඩංගුවට
ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ජාතික සත්වෝද්‍යානයට අනුබද්ධ 'ජමාලා වයිල්ඩ්ලයිෆ් ලොජ්' නම් සුපිරි හෝටලයේ සූපවේදියෙක් ලෙස සේවය කරන ජූඩ් විජේසිංහ නම් ශ්‍රී ලාංකිකයා එම සත්වෝද්‍යාන පරිශ්‍රයේ සිදුවූ මිනීමැරුමකට සැකපිට අත්අඩංගුවට ගත්බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය අද වාර්තාකර තිබේ.
එලෙස මියගිය කාන්තාවද එම හෝටලයේ සේවිකාවක් ලෙස කටයුතු කල අයෙක් බවයි වාර්තා වන්නේ.
මියගිය කාන්තාව සම්බන්ධයෙන් වැඩි විස්තර ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර නැතත් ඇය භූතාන ජාතිකයෙක් බවත්, පිහි ඇනුම් තුවාල සහිතව රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බවත් පමණක් දැනට දැනගැනිමට තිබේ.
මිනී මැරීමට සැකපිට අත් අඩංගුවට ගත් ජූඩ් විජේසිංහද තියුනු ආයුධයකින් තමුන්ටම තුවාල සිදුකර ගැනීමට උත්සාහ කරගෙන ඇති අතර දැනට පොලිස් ආරක්ෂාව සහිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ඕස්ට්‍රේලියාවේ කැන්බරා පොලිසියේ මාධ්‍ය අංශය වාර්තා කරයි.
සටහන
(අසංක දොඩන්තැන්නේ)
-theleader
ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි මිනීමැරුමකට සැකපිට ලාංකිකයකු අත්අඩංගුවට
2023-12-19T16:04:00+05:30
Gossip Lanka Hot News







