gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘චිකන් වැඩ කෝටියයි..’ පේජ්ලාගේ තවත් වැඩක්; KFC චිකන් බකට් එකට පරණ චිකන් දීලා

ඊයේ (18) දිනයේ මෙරට KFC අවන්හල් මගින් චිකන් බකට් එකක් සදහා තවත් චිකන් බකට් එකක් නොමිලේ ලබාදීමේ අලෙවි ප්‍රවර්ධන කටයුත්තක් සිදු කර තිබේ.
ඒ අනුව රාජගිරිය KFC අවන්හල මගින් පාරිභෝගිකයන් රැසක් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අදාළ චිකන් බකට් ඇණවුම් කර ඇත.

එහිදී එම ආයතනය මගින් නරක් වූ චිකන් ලබා දීමෙන් ඇති වූ උණුසුම් තත්ත්වයක් සමාජජාල මාධ්‍ය වල හුවමාරු වෙමින් පවතී.

KFC අවන්හල් ජාලය පේජ් පවුල විසින් පංගුකාරිත්වය දරණ කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී  (Cargills (Ceylon) PLC) හට අයත් එකකි.

මීට පෙර, කාර්ගිල්ස් හට අයත් කාර්ගිල්ස් ඇග්‍රි ‌ෆුඩ් සමාගම (CARGILLS AGRIFOODS LTD) විසින් නිෂ්පාදනය කර බොදාහරිනු ලබන ඇපල් යුෂ බෝතලයක් තත්ත්වයෙන් බාල බව පවසමින් ගොතටුව MOH කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඒ.එස්. කසුන් මහතා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබිණි.

එසේම එම සමාගමට අයත් කාර්ගිල්ස් ෆ්‍රඩ්සිටි (Cargills Foodcity) බොරැල්ල කොටා පාරේ පිහිටි ශාඛාවකදී එහි සේකයන් විසින් තරුණියකට වටකර අමානුෂික අයුරින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සේවකයන් අත්අඩංගුවට පත් විය.






gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka