පොලිසිය කුඩුකාරයන්ගේ ගෙවල්වලට පනී! ලක්ෂ 675ක සුපිරි වාහන රැසක් අල්ලයි! කුඩු සල්ලිවලින් ගත් දකුණේ හෝටල් රැසක් රාජසන්තක කරන්න ලෑස්තියි! VIDEO
දෙදිනක් තුළ සිදු කරන ලද පොලිස් මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතුව තිබූ ලක්ෂ 675ත් වටිනා සුපිරි රථවාහන රැසක් අත්අඩංගුවට ගත් බව වැඩබලන පොලිස්පති දේශබන්දු කෙන්නකෝන් මහතා පැවසීය.
ඒ මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරියේදී මත්ද්‍රව්‍ය විකිණූ මුදල්වලින් මිලදීගත් දකුණේ හෝටල් රැසක්ද අත්පත් කර ගැනීමට කටයුතු යොදා ඇති බවකි.
පොලිස් මෙහෙයුමේ දෙවන පැය විසිහතරේ ප්‍රතිපල
දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමේ දී පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 2,166 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් පිරිසෙන් 66 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර සැකකරුවන් 14දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර තිබේ. තවත් 226 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකර ඇති බව පොලීසිය පැවසුවේය.
අදාළ මෙහෙයුමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 370ක්, අයිස් ග්‍රෑම් 556ක්, ගංජා කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 800ක්, මාවා කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 500ක් සහ මත්පෙති 1,075ක් ද සොයා ගෙන තිබේ.
Posted in: deshabandu-tennakoon
පොලිසිය කුඩුකාරයන්ගේ ගෙවල්වලට පනී! ලක්ෂ 675ක සුපිරි වාහන රැසක් අල්ලයි! කුඩු සල්ලිවලින් ගත් දකුණේ හෝටල් රැසක් රාජසන්තක කරන්න ලෑස්තියි! VIDEO
2023-12-19T15:04:00+05:30
Gossip Lanka Hot News
deshabandu-tennakoon|






