gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ට දිනන්න බෑ… ඒ නිසා දෙමළ පක්ෂ එක් වී ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා නම් ඒ සඳහා ඉන්න එකම සුදුස්සා මමයි… විග්නේෂ්වරන් කියයි!

දෙමළ දේශපාලන  පක්ෂවල එකඟතාවයකින් යුතුව ආරාධනයක් කරන්නේ නම් තමන් මීළග ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වශයෙන් තරග කරන බව දෙමළ ජනතා සන්ධානයේ නායක  සී.වී .විග්නේස්වරන් පවසයි. 
ඊයේ (26) මාධ්‍යවේදින්ට සිය අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දෙමළ දේශපාලන පක්ෂ තනි තනිවම ජනාධිපතිවරණ අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමකට වඩා පොදු දෙමළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම වඩා කාලෝචිත බවය.

එවැනි   පොදු දෙමළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා තමන් ඊට එකම සුදුස්සා බව විග්නේස්වරන් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

මීළග ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට තමන් තුළ මේ දක්වා විශාල කැමැත්තක් නොතිබූ නමුත් රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයෙන් ජය ගැනිමට ඇති  ඉඩකඩ අඩු නිසා  තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමෙන් වඩා වැඩි වසියක් ලබා ගත හැකි බවද  සී.වී.විග්නේස්වරන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ හතරක සාමාජිකයින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඇති හැකියාව වැඩි නිසා එය එසේ වුවහොත් දකුණේ ඡන්ද වලින් සියයට පනහක් ලබා ගැනීමට කවරෙකුටවත් හැකියාවක් නොලැබෙන්නේ යැයි ද, ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයෙන් ජය ලැබීමට ඇති සම්භාවිතාව අඩු බව තමන් ප්‍රකාශ කරන  බවද විග්නෙස්වරන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

මේ දක්වාම තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අපේක්ෂාවක් ඇති බව කිසිදු මාධ්‍යයකට ප්‍රකාශ කොට නොමැති බව විග්නේස්වරන් මන්ත්‍රීවරයා කීවේය.  

-දිනසේන රතුගමගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka