බාල බෙහෙත්වලට සල්ලි ගෙවන්න එපා කියලා පස්සේ කිව්වත් මොන ක්‍රමයකින් හරි මේ ඖෂධයට සල්ලි දෙන්න කියලා කෙහෙළිය ඊට කලින් කැබිනට් පත්‍රිකාවක් දාලා! පැමිණිල්ල දාලා තියෙන්නෙත් අපි නඩු දැම්මට පස්සේ! එතුමා CIDයට දීපු ප්‍රකාශය තුළ යම් කුමන්ත්‍රණයක් සිදුවන බවට සාධාරණ සැකයක් තියෙනවා! අද උසාවියෙදී කෙහෙළිය ගැන කියවුණු කතා! VIDEO
බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් වූ නඩුව අද අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී ඊයේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශය පිළිබදව කරුණු අනාවරණය කෙරෙිණ.
එහිදී අල්ලස දූෂණයට හා නාස්තියට එරෙහි පුරවැසි සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින් ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයට කියා සිටියේ බාල බෙහෙත්වලට සල්ලි ගෙවන්න එපා කියලා පස්සේ රඹුක්වැල්ල මහතා මුලින් කීවද මොන ක්‍රමයකින් හරි මේ ඖෂධයට සල්ලි දෙන ලෙස ඉල්ලා ඒ මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කොට ඇති බවකි.
එමෙන්ම රඹුක්වැල්ල මහතා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත්තේ තමා පෙනී සිටින සංවිධානය ඒ පිළිබද නඩු පැවරීමෙන් පසුව බවකි.
බාල බෙහෙත්වලට සල්ලි ගෙවන්න එපා කියලා පස්සේ කිව්වත් මොන ක්‍රමයකින් හරි මේ ඖෂධයට සල්ලි දෙන්න කියලා කෙහෙළිය ඊට කලින් කැබිනට් පත්‍රිකාවක් දාලා! පැමිණිල්ල දාලා තියෙන්නෙත් අපි නඩු දැම්මට පස්සේ! එතුමා CIDයට දීපු ප්‍රකාශය තුළ යම් කුමන්ත්‍රණයක් සිදුවන බවට සාධාරණ සැකයක් තියෙනවා! අද උසාවියෙදී කෙහෙළිය ගැන කියවුණු කතා! VIDEO
2023-12-27T23:22:00+05:30
Gossip Lanka Hot News