gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුඩු මඩින මෙහෙයුමට බලපෑම්..- ටිරාන්

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන දේශපාලඥයින් පොලිසිය හෑල්ලුවට පත් කරන කුහක ප්‍රකාශ නිකුත් කරනවා” යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා හෝමාගම දියගම තාක්ෂණික විශ්ව විද්‍යාලයේ පැවති වැඩසටහනකට‍ ඒක්‌වෙමින් අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මීට වසර එකහමාරකට පෙර විපක්ෂයේ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන අවදියේදී මෙම අමාත්‍යංශයේ වගකීම බාරගන්නා ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් අපට ආරාධනා කළා. එකවර එය බාරගැනීමට කැමැත්තක් නොමැති වුවත් අනෙකුත් මන්ත්‍රීවරුන්ගේත් ජනාධිපතිවරයාගේත් ඉල්ලීම පරිදි මෙම වගකීම භාර ගැනීමට මම තීරණය කළා.

රටම ගිනිගනිමින් පැවති ඒ අවස්ථාවේ අපට විශාල අභියෝගයක් පැවතුනා. රටේ නායකත්වයත් වෙනසක් සිදු වුණා. රට සාමකාමී කිරීමේ දැවැන්ත අභියෝගය අප හමුවේ  පැවතුනා. රටේ ජනතාවට සුපුරුදු පරිදි කටයුතු කළ හැකි පරිදි ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අභියෝගය අපට පැවරුණා. කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශවලට කිසිවකුටත් ඇතුල්වීමට හැකියාවක් නොහැකි පරිදි විවිධ ගම් පිහිටුවා තිබුණා. රටට විදේශිකයන් පැමිණුනේ නැහැ. එවැනි තත්ත්වයක පැවති රට යළි ගොඩගැනීමට සිදුවුණා. ඒ අවස්ථාවේ අපට දැඩි තීරණ වලට එළඹීමට සිදුවුණා. රට තුළ විනයක් සහිතව සාමකාමීව සෑම දෙනාටම ජීවත් විය හැකි වාතාවරණයක් සකස් කිරීම අපට පැවරුණා. අපහසුවෙන් නමුත් ඒ වගකීම අප ඉටු කළා. ප්‍රචණ්ඩත්වයෙන් සිදුකරන ක්‍රියාවන් තුළින් රටට හෝ තමන්ට යහපතක් සිදු නොවන බව අප විරෝධතාවේ නිරත වූ පිරිස් වෙත පැහැදිලි කර දුන්නා.

ඉන් අනතුරුව රට තුළ පැවති විශාලම අභියෝගය වූ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්, අපරාධ දිගින් දිගටම වර්ධනය වුණා. බොහෝ පොලිස් නිලධාරීන්ට පවා පහත් ලෙස සැලකීම දක්නට ලැබුණා. නමුත් නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂා කරමින් කිසිදු බලපෑමකට යටත් නොවී රාජකාරි කිරීම පිළිබඳව ශක්තිය අප පොලිස් නිලධාරීන්ට ලබා දුන්නා.

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳව නිවැරදි තොරතුරු සහිතව වාර්තාවක් සකස් කිරීමට වත්මන් වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු කමිටුවකට මා උපදෙස් ලබා දුන්නා. ඒ අනුව දැඩි ක්‍රියාමාර්ග සහිත වැඩපිළිවෙළකින් මෙම ක්‍රියාකාරකම් මර්දනය පිළිබඳ තීරණය ගනු ලැබුවා. ඒ අනුව දකුණු පළාතේ පැවති වැඩමුළු මාලාවකින් මේ කාර්යය ආරම්භ කළා. ඒ අනුව ආරම්භ කළ මෙහෙයුම්වල ප්‍රතිඵල ගැන මුළු රටම මාධ්‍ය ඔස්සේ දැනුවත් වී තිබෙනවා. අපේ ප්‍රධානම ඉලක්කය වූයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාලය මැඩ පැවැත්වීම සම්බන්ධයි. එවිට මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒමත්, මත්ද්‍රව්‍ය  පාවිච්චි කරන අයට මිලදී ගැනීමට නොහැකි වීමත් මත මේ උවදුර පාලනය කිරීමට හැකිවනවා. ඒ අනුව 4665 දෙනෙකුගේ නම් ඇතුළත් ලේඛනයක්  පොලිසිය විසින් සකස් කර තිබුණා. මෙහෙයුම් ආරම්භ කර සතියක් ඇතුළත ඒ අතරින් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා. වැටලීම් 12269ක් සිදුකර තිබෙනවා. මිලියන 700 කට අධික වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය මේ යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සතු වාහන, ඉඩම්, රන් භාණ්ඩ,මුදල් ආදි වත්කම් මිලියන 294ක්‌ පමණදේපොළ පොලිස් භාරයට  ගෙන තිබෙනවා. මෙපමණ දැවැන්ත මෙහෙයුම් ප්‍රමාණයක් සිදු කර තිබිදිත් මෙය මාධ්‍ය සංදර්ශනයක් බවට ඇතැම් කුහක, ඊර්ෂ්‍යාකාර පිරිස් ප්‍රකාශ කරනවා. ඇතැම් දේශපාලනඥයින් පවා එලෙස ප්‍රකාශ කරමින් මෙම මෙහෙයුම් හෑල්ලුවට ලක් කරනවා. එවැනි ප්‍රකාශ සිදු කරන්නේ පාතාලය මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ සම්බන්ධතා පවත්වන අයයි. ඒ තුළින් අපව අධෛර්යයට පත් කර මෙම මෙහෙයුම් නතර කිරීමේ කොන්ත්‍රාත්තුව ඔවුන් ඉටු කරමින් සිටිනවා. ඇතැම් ආගමික නායකයින් පවා එවැනි ප්‍රකාශ සිදු කරනවා.

මෙම කටයුතු සිදු කිරීමේදී බොහෝ බාධකවලට මුහුණ දීමටද සිදුවනවා. පුද්ගලික තර්ජනයන්ට පවා මුහුණ දීමට සිදුව තිබෙනවා. කවර ආකාරයේ අභියෝග වලට මුහුණ දීමට සිදුවත් මේ අමාත්‍ය ධූරය කටයුතු කරන තුරු කිසිදු බලවතෙකුගේ බලපෑමකට යටත් නොවී මෙම කටයුත්ත සම්පූර්ණයෙන් මැඩ පවත්වන තුරු  අඛණ්ඩව සිදුකරන බව ප්‍රකාශ කිරීමට මා කැමතියි. ඒ වෙනුවෙන් අවශ්‍ය ශක්තිය ජනාධිපතිතුමාද නිරන්තරයෙන් ලබා දෙනවා. අවශ්‍ය තීරණ ගැනීමට සහ කටයුතු කිරීමට අවශ්‍ය නිදහස උපරිමයෙන් ලබා දී තිබෙනවා.

මෙම දැවැන්ත මෙහෙයුම සාර්ථකව සිදුකිරීමට ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යයි. මේ වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදුකරන පොලිස් නිලධාරීන් දිරිමත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. අප සියලු දෙනාගේම සහයෝගයෙන් සහ දායකත්වයෙන් පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම අපහසු ඉලක්කයක් නොවෙයි. සමස්ත ශ්‍රී ලංකාවේම පොලිස් නිලධාරීන් දැඩි කැපවීමකින් මේ කටයුත්තේ නිරතව සිටිනවා. රටේ අනාගත පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් මෙම මැඩ පැවැත්වීමේ වගකීම අපට පැවරෙනවා.

– Media unit
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka