gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජවිපෙට ඉන්නේ ප්‍රේක්ෂකයෝ විතරයි.. ඡන්ද දායකයෝ නෑ…

ජනතා විමුක්ති පෙරමුණට ප්‍රේක්ෂකයන් සිටියත් ඡන්ද දායකයන් නොමැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ යථාර්ථවාදී දේශපාලන ක්‍රියාවලියකට අවතීර්ණ වීමට ජනතා විමුක්ති පෙරමුණට මේ දක්වා නොහැකි වී ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය සන්ධාන ගත වී ඉදිරි ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වුවත් තම පක්ෂයට කිසිඳු අභියෝගයක් නොමැති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.

“ජනතා විමුක්ති මම දකින්නේ කතන්දර කියන පක්ෂයක් විදියට, රසවත් කතා එයාලා කියනවා. යථාර්ථවාදී දේශපාලන ක්‍රියාවලියකට එයාලා ඇවිත් නැහැ. එයාලට ඉතිහාසය මතකද දන්නේ නැහැ. එත් රටේ ජනතාව දන්නවා එයාලගේ ඉතිහාසය. දශක 4ක ඉඳන් එයාලා සුන්දර කතා කියනවා. කවුරුවත් එයාලගේ කතා විශ්වාස කරලා නැහැ.

බලන්න එයාලා අවසන් මැතිවරණයේ දී ගත්ත ප්‍රතිශතය. ජනතා විමුක්ති පෙරමුණට ප්‍රේක්ෂකයෝ හිටියට ඡන්ද දායකයෝ නැහැ. ඉතිහාසයේ යථාර්ථය ඒකයි. මිනිසුන්ගේ විශ්වාසය දිනාගත්ත වැඩපිළිවෙලක් ඔවුන්ට නැහැ. අනික ඔවුන් ආණ්ඩු නියෝජනය කරා එත් ජනතාව වෙනුවෙන් මොනවද කලේ?.”

– Media unit
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka