gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රබල ඇමැතිවරු තුන්දෙනෙක් සජිත් එක්ක තැන් දෙකකදී අතිශය රහසිගත සාකච්ඡාවක! තවත් පෙරළියක තොරතුරු මෙන්න!

රහස් සාකච්ඡා!
සාමාන්‍යයෙන් අතීතයේදී රහස් දේශපාලන සාකච්ඡාවන් පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රචලිතව සිටියේ වෙන කවුරුවත් නොව, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. විපක්ෂයේ සිටියදී රනිල් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් විපක්ෂයට එක්කර ගැනීම සඳහා පැවැති සාකච්ඡා පිළිබඳ එවකදී දැන සිටියේ ඔහුත් සමග සිටි අතිශය සමීප තුන් හතර දෙනකු පමණි. ඒ තරමටම එම සාකච්ඡා රහසිගත ඒවා විය. සියල්ලන්ම මෙම සාකච්ඡාවල ප්‍රතිඵල දැකගන්නේ එකවර ආණ්ඩුවෙන් දහ දොළොස් දෙනකු කඩාගෙන ඇවිත් විපක්ෂයේ අසුන්ගැනීමත් සමගය. නමුත් දැන් රනිල්ටද එහා ගොස් සජිත් පසුගිය සතියේ මේ ආකාරයේ රහස් සාකච්ඡා කිහිපයක්ම පැවැත්වූයේ පක්ෂයේ හෝ කිසිවකුත් නොදැන අතිශය රහසිගත ආකාරයටය. 

ඇමැතිවරු තුන්දෙනෙක්!
ඒ අනුව මෙවර රාජ්‍ය රහස් තීරයෙන් අප සහතික වශයෙන්ම ඉදිරියේදී සිදුවීමට නියමිත ප්‍රබල දේශපාලන පෙරළියක අනාවැකියක් සිදුකිරීමට සූදානම්ය. ඒ, පසුගිය සතියේ සජිත් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් තුන්දෙනකු කොළඹ ස්ථාන දෙකකදී මුණගැසී සාකච්ඡා කළ බවය. එහිදී අමාත්‍යවරුන් දෙදෙනකු එක් තැනකදී හමුවී සාකච්ඡා කළ සජිත්, තවත් තැනකදී අනෙක් ප්‍රබල අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. මෙම සාකච්ඡා දෙකම සම්බන්ධීකරණය කර තිබුණේ එක්තරා විශේෂ පුද්ගලයකු විසිනි. මෙම අමාත්‍යවරුන් දෙදෙනාට අමතරව තවත් විශේෂ චරිත කිහිපයක් සමගම මේ ආකාරයට සජිත් පසුගිය සතියේදී සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන තිබිණි.

දීපු රහස් ටික!
කෙසේ වෙතත් මෙම සාකච්ඡා අවසානයේදී සජිත් එක්තරා විශේෂ තීන්දුවකටද පැමිණි තිබිණි. ඒ, නියත වශයෙන්ම සන්ධානය ගොඩනගා ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමේ පසුබිම සකස් කිරීමටය. එපමණක් නොව සන්ධානය බිඳහෙළිම සඳහා හෝ කඩාකප්පල් කිරීම සඳහා යම් අයකු පක්ෂය ඇතුළතින් හෝ පක්ෂයට පිටතින් සිට ක්‍රියා කරන්නේ නම්, ඒ සෑම දෙනකුටම එරෙහිව තරාතිරම නොබලා, තනතුරු නොබලා දැඩි ක්‍රියාමාර්ග ගැනීමටද සජිත් තීන්දු කොට අවසානය. ඊට බලපෑ විශේෂ හේතුවක්ද තිබිණි. ඒ, කැබිනට් අමාත්‍යවරුන් සහ ආණ්ඩුවේ විශේෂ චරිත සමග පැවැති සාකච්ඡාවලදී මෙම සන්ධානය කඩාකප්පල් කිරීම සඳහා යම් යම් පිරිස් ගෙනයන කුමන්ත්‍රණයන් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව් කිරීම් කිහිපයක්ම ඔවුන් සජිත් හමුවේ සිදුකොට තිබීමය. මෙහිදී මෙම පිරිස් හෙළිකළ ඇතැම් කරුණු හේතුකොට ගෙන සජිත් ගල්ගැසී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. මෑතකදී මෙම පිරිස් විටින් විට ජනාධිපතිවරයා මුණගැසී ව්‍යාපාර කිරීම පිළිබඳ සාකච්ඡා කළ ආකාරයත්, විවිධ ගනුදෙනු සිදුකළ ආකාරයත් එම ඇමැතිවරුන් සජිත්ට හෙළිදරව් කරද්දී සජිත්ද පුදුමයට පත්ව ඒවා අසා සිටි ආකාරයක් දැකගත හැකිවිය.

රාජ්‍ය රහස්!
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka