gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කෙහෙලිය අත්අඩංගුවට නොගත්තාට පොලිස් කොමිසමෙන් පරීක්‍ෂණ..

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිලදී ගැනීමට අදාලව ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුරු නොගැනීම පිළිබඳව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම විමර්ශනය සිදුකෙරෙන්නේ සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති විසින් සිදු කරන ලද පැමිණිල්ලක් අනුවයි.

අදාළ ඖෂධ එන්නත් වංචාවට අදාළව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු පුද්ගලයන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම හරහා පොලිස් පොලිස් ආඥා පනත උල්ලංඝනය කර ඇතැයි පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාරදී තිබේ.

අදාළ එන්නත් මිලදීගැනීමේ සිදුවීමට සම්බන්ධ සියලූම සැකකරුවන් තරාතිරම නොබලා වහා අත්අඩංගුවට ගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක්ද නිකුත් කර තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka