gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු ජාතික සංවිධායක ධූරය ධම්මිකට !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජාතික සංවිධායක ධූරය ප්‍රකට ව්‍යාපාරික ධම්මික ‌පෙරේරා මහතාට ලබාදෙන්නයි එහි ක්‍රියාකාරීන් පිරිසක් ඉල්ලා ඇති බව වාර්තා වේ. ඔවුන් පෙන්වා දී ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාගෙන් හිස්වූ මන්ත්‍රී පුටුව සඳහා ද මීට පෙර නම් කෙරුණේ ඒ මහතා බැවින් ඒ සඳහා සුදුසුම අය ඔහු බවයි.

එසේම ඔහුගේ ඩීපී එඩියුකේෂන් මේ වන විට ගම් මට්ටමින් හොඳ ප්‍රගතියක් ලබා ඇති බවත්, ඔහු මේවන විට ගම තුළද ප්‍රසිද්ධ අයෙක් බවත්, ඔවුන් පෙන්වා දී ඇත.

පොහොට්ටුවේ ඡන්ද මෙෂිම ලෙස පක්ෂය තුළ විරුදාවලිය ලබා සිටින බැසිල් රාජපක්ෂ මහතාගේ සහය ලබා ගැනීමට හැකි අයකු ජාතික සංවිධායක ධූරයට පත් කිරීම ඉදිරි මැතිවරණ ජය ගැනීමට වඩාත් වාසිදායක වන බවද ඔවුන් පෙන්වා දී ඇත.

මේ අතර, අරුණ පුවත්පත වාර්තා කර ඇත්තේ ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයාට ජාතික සංවිධායක ධූරය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නිලධාරි මණ්ඩලය පත්කිරීම සඳහා පක්ෂයේ විධායක සභාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී සෙනසුරාදා (16) රැස්වූහ.

පක්ෂ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කෙරුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනයේදීය. 

පක්ෂයේ මහ ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් මහතා යළි පත් කෙරුණි. 

පක්ෂයේ භාණ්ඩාගාරික තනතුර හිමිවූයේ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිටය මහත්මියටය. 

පක්ෂයේ සභාපති ධුරයට යළිත් උතුරාවල ධම්මරතන හිමියෝ පත්වූහ.

පක්ෂයේ දේශපාලන මණ්ඩලයට සාමාජිකයන් 25 දෙනකු පත්කළ අතර එහි පළාත් පාලන ආයතන පස්දෙනකුද පත්කිරීමට නියමිතය. 

නියෝජ්‍ය ජාතික සංවිධායක ධුර දෙකක්ද අලුතෙන් යෝජනා වූ අතර ඒ සඳහා ද්‍රවිඩ හා මුස්ලිම් ජාතිකයන් පත්කර ගැනීමට සැලසුම් කර තිබේ.

පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට මෙහිදී කිසිදු තනතුරක් ලබා නොදීමද විශේෂත්වයකි. 

ඔහුට එහිදී හිමිවූයේ දේශපාලන මණ්ඩල සාමාජිකත්වය පමණි. 

‘‘බැසිල් රාජපක්ෂ මහත්තයා ඉවත් වුණේ නැහැ. ඉදිරියට දේශපාලන වැඩවලට එකතු වෙනවා’’. තනතුරුවලට පත්කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසා තිබිණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයන් ලෙස හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, පර්ලිමේන්තු මන්ත්‍රිවරු වන නාමල් රාජපක්ෂ හා ධම්මික පෙරේරා ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka