gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකවාටත් වඩා ලොකු කණාටුවක් ලංකාව ඉදිරියේ..

මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස නාවික සහ ධීවර ප්‍රජාවෙන් ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊට අමතරව ගාල්ල සිට මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමේදීත් අවදානයෙන් කටයුතු කළ යුතුය.

බෙංගාල බොක්කේ පැවති අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම ඊට හේතුවයි.

එම පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

හෙට (03) වන විට එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකිය.

ඒ හේතුවෙන් උතුරු, හා උතුරුමැද පළාත්වලත්, ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්කවලටත් මිලිමිටර් 100 වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් එය දෙසැම්බර් 05 වනවිට ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කරනු ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

– නාගොඩ සුමන උදයන්ත
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka