gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

2024දී වැට් බද්ද 24% දක්වා..

ජනවාරි මස පළමුවැනිදා සිට 18% ක් දක්වා ඉහල යන භාණ්ඩ හා සේවා බද්ද 2024ක් වසර මැදදී 21% සිට 24% මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා මහාචාර්ය ආනන්ද ජයවික‍්‍රම මහතා සඳහන් කරයි.

එහි පෙරනිමිති මෙවර අය-වැය තුළින් යෝජනා තුළම අන්තර්ගත බවත් හෙතෙම පැවසීය.

2024 වසරේදී සියයට 18%ක වැට් බද්දෙන් රුපියල් බිලියන 1400ක් රැස්කර ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙයි.

එම අනුපාතය යටතේ බිලියන 1400 ක් රැස් කර ගැනීමට නම් වැට් බදු පදනම රුපියල් බිලියන 7778 දක්වා වැඩි විය යුතු බවත් කියයි.

එය 2023 වසරට සාපේක්ෂව 70%ක වර්ධනයක් බවත් ඔහු පෙන්වා දෙයි.

නමුත් 18%ක අනුපාතයක් යටතේ දළ ජාතික නිෂ්පාදිතය වැඩි වීමට සමානුපාත ව වැට් බදු ආදායමත් වැඩිවන බව පෙන්වාදෙන මහාචාර්යවරයා 2024 වසරේ දී ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයේ නාමිකව අගය වැඩි වන්නේ 11.4% කින් බව පෙන්වාදෙන ඔහු එම අගයකින් වැඩිවෙද්දී වැට් බදු පදනම 70%කින් වැඩ නොවන බවද කියා සිටී.

ඒ අනුව ඉතිරි ඉතිරි බිලියන 482 උපයා ගැනීමට නම් 2024 මැදදී බදු අනුපාතය 21-24% මට්ටමට ඉහළ දැමීමට සිදුවන බවද ඔහු තවදුරටත් පැවසීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka