gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අවුකන පිළිමයට සිවුරු පැළඳවීම ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

කලාප භාර පුරාවිද්‍යා නිලධාරීන්ගේ පරීක්ෂාවන්ට අනුව සිවුරක් පැළදවීමේ සිද්ධියේදී ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාවට හෝ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිදු භෞතික හානියක් සිදු වී නොමැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

ඊට අදාළව වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් නිෂාන්ති ජයසිංහ නිකුත් කළ නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත නිකුත් කළා.

එහි සඳහන් වන්නේ කෙසේ වෙතත් මින් ඉදිරියට මෙවැනි ක්‍රියාවක් සිදු කරන්නේ නම් අනිවාර්යෙන්ම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පූර්ව ලිඛිත අවසරයක් ලබා ගත යුතු බව අවුකන රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ට දන්වා ඇති බවයි.

එසේ නොකළහොත් නීති මගින් කටයුතු කරන බවද දැනුම් දුන් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

පසුගිය 26 වනදාට යෙදුනු ඉල්පුර පසලොස්වක පොහෝ දිනයේ අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පැළදවිමේ සිද්ධිය සමාජ මාධ්‍ය තුළ දැඩි සංවාදයට ලක් වුණා.

විහාරාධිපති හිමියන් ප්‍රකාශ කර තිබුණේ වාර්ෂික කඨින පූජෝත්සවය වෙනුවෙන් මෙම පිංකම සිදුකළ බවයි.

එය අනවබෝධයෙන් සිදු වූ බවට උන්වහන්සේ පිළිගෙන ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka