දිවයින පුරා විදුලිය බිඳවැටීම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් ඊයේ (09) පස්වරු 05 පසුව දිවයින පුරා හදිසි විදුලිය බිද වැටීමක් සිදුවුණා.
ඊයේ රාත්‍රී 11 පමණ වනවිට දිවයින පුරා විදුලිය සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබූ අතර, මෙම හදිසි විදුලිය බිඳවැටීමට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් අනාවරණය වී නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොඑල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් විධිමත් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.
කෙසේවෙතත්, ඊයේ දිනයේත් පැය 06කට ආසන්න කාලයක් දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක් සිදුවූ අතර, එම විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන්ද විශේෂ විමර්ශනයක් සිදුකිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළා.