gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අරගල කරලා නායකයාව පැන්නූවානම් දැන් බදු ගෙවන්න – දිලුම් අමුණුගම

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ පොදු අපේක්ෂකයෙක් වශයෙන්ද එසේත් නොමැති නම් තනි පක්ෂයක අපේක්ෂකයෙක් වශයෙන්ද යන්න ප්‍රකාශ කිරීමට අවස්ථාව එළඹ ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

මහනුවරදී ඊයේ (09) මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකළ ඒ ඔහු කියා සිටියේ ලබන වසරේ ජනාධිපතිවරණය, මහ මැතිවරණය මෙන්ම පළාත් සභා මැතිවරණය පවත්වන බව සඳහන් කළ අයුරින්ම එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේදැයි සඳහන් කළ යුතු බවයි.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා,

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් තම ස්ථාවරය ප්‍රකාශයට පත් කළ පසු එතුමාට සහාය දෙන්නේද එසේත් නැත්නම් වෙනත් සුදුසු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේද යන්න පිළිබඳව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කරයි. එතකොට අපේ පක්ෂයේ අයටත් තමන්ගේ ස්ථාවරය තීරණය කරන්න පුළුවන්.කෙසේ වෙතත් එළඹෙන ඕනෑම මැතිවරණයකට ඉදිරිපත්වීමට හැකි ආකාරයෙන් අපේ පක්ෂය මේ වන විට ශක්තිමත් කොට තිබෙනවා. කෙසේ වෙතත් අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහට රාජ්‍යතාන්තික කටයුතු සඳහා සහයෝගය දෙනවා. ඒ ඔහු පොදු ජන පෙරමුණේ ජනාධිපති නිසයි අපේ සහාය ලබා දෙන්නේ.

අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත තමයි රජයට කටයුතු කරන්න වෙලා තියෙන්නෙ. අද අරක්කු බෝතලයක මිල පවා ඒ අය තමයි තීරණය කරන්නේ. කිසිම රාජ්‍ය ආයතනයක් පාඩු ලබන්න බෑ කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට උපදෙස් දී තියෙනවා. ඒ අනුව කටයුතු කිරීම හේතුවෙන් වසර ගණනාවක් රුපියල් බිලියන ගණන් පාඩු ලබපු විදුලි බල මණ්ඩලය අද ලාභ පාඩු නොලබන සමබර තත්ත්වයට පත්වෙලා තිබෙනවා.අද ජීවන බර වැඩියි. බදු බර වැඩි කියලා සමහර අය මැසිවිලි නගනවා. සියයට එකක්වත් බදු වැඩි නොකරපු නායකයා අරගල කරලා ගෙදර එලවා දැම්මානම් දැන් ඉතින් බදු ගෙවන එක තමයි රටේ ජනතාවට තියෙන එකම උත්තරය යනුවෙන්ද ඒ මහතා සඳහන් කළා.

මහනුවර – කමල් සුරවීර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka