gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැරෙන්න අරින්නෙ නැතිව රටට ගෙන්න ගන්න.. ජොර්දානයේ අසරණවූ ශ්‍රී ලාංකිකයන් 350ක් ඇමතිට වීඩියෝ පටයක් එවා ආයාචනා කරති (VIDEO)

අවුරුද්දකට කලින් ෆැක්ටරිය වැහුවා… මාස 09ක් පඩි නෑ… EPF, ETF නෑ… එලියට බහින්න වීසා නෑ.., කන්න බොන්න දෙයක් නෑ… එම්බසිය බලන්නේ නෑ… සීත කාලය ඇවිත් තියෙන්නෙ. හොස්ටල්වල කරන්ට් එකවත් නෑ… සමහරු ලෙඩ වෙලා තැන තැන වැටිලා…  කාන්තාවෝ හඬමින් කියති.

ශ්‍රි ලංකාවේ විවිධ පළාත්වල සිට ජෝදානයේ සහබ් ප්‍රදේශයේ අසීර් නැමැති ඇඟලුම් කම්හලේ රැකියාව සඳහා ගිය ශ්‍රී ලාංකිකයන් 350කට ආසන්න පිරිසක්   වසරක පමණ කාලයක් තිසේසේ වැටුප් තබා කෑම බීම සහ ජලයවත් නොමැතිව අපා දුක් විඳමින් සිටිනබවත්, විශාල පිරිසක් මේ වනවිට රෝගාතුව කර කියාගත හැකි දෙයක් නොමැතිව අන්ත අසරණ වී සිටින බවත්  එම කම්හලේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකය කාන්තාවන් පිරිසක් වීඩියෝ පටයක් යොමු කරමින් හෙළි කර තිබේ.

ඔවුන් මෙම වීඩියෝ පටයෙන් අමතන්නේ  විදේශ කටයුතු ඇමති මනුෂ නානායක්කාර ය. එම විඩියෝ පටය පහත දැක්වේ.

ඔවුන් කියන්නේ  වසර හයක් තිස්සේ මෙම කම්හලේ වැඩ කරමින් සිටි තමන් මේ දුක්ඛිත තත්ත්වයට පත් වී ඇත්තේ වසරකට පමණ පෙර කම්හල වසා දැමීම  සමග බවත් ජොර්දාන් තානාපති කාර්යාලය තමන් පිළිබඳ තකන්නේ නැති බවත්ය.

අසරණ වූ පිරිස වෙනුවෙන් සිය දුක්ඛිත තත්ත්වය දක්වන  ටී .එම්. හෂිනි කෞශල්‍යා තෙන්නකෝන් පවසන්නේ මේ කාලය පුරාම නේවාසිකාගාරවල රැකියා නොමැතිව රැඳි සිටින තමන්ට යළි රටට පැමිණීමට ගුවන් ට්කට් පත් ලබා දෙන බව කියමින් ආයතනය වසරකට ආසන්න කාලයක් කල් මරා ඇති බවය.

තමන්ට මගට බැස  යෑම සඳහා වීසා නොමැති බවත්, තම සේවා කාලය වසර තුන අවසන් වුවද සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල්  නොගෙවූ බවත් ඔවුහු කියති.

මේ වනවිට ජෝර්දානයට ශීත ඍතුව පැමිණ ඇති නමුත් තමන් අසරණව ගත කරන නේවාසිකාගාරවල විදුලිය විසන්ධි කර ඇති බැවින්  හීටරයක්, උණු වතුර ටිකක්, නොමැතිව තැන් තැන්වල අසරණ ලෙස වැටී සිටින රෝගාතුර පිරිස් මේ රට තුළ   මැරෙන්නට ඉඩ නොදෙන ලෙස මෙම සේවක පිරිස් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka