gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රුපියල් බිලයන 918ක් පොළු තියපු උන්ගෙන් ණය අය නොකර බැංකු විකුණන්න ආවොත් වෙන දේ ලංකා බැංකු සේවකයෝ රජයට කියති!

රාජ්‍ය බැංකු පාඩු ලබන බව පවසමින් එහි  කොටස් අලෙවි කිරීමට රජය තීරණය කර ඇති බැවින් එම තීරණය වහාම හකුලාගෙන මෙම බැංකු පාඩු කළ පුද්ගලයින්ගේන් එම මුදල් අයකර ගැනීමට කටයුතු කරන්නැයි ලංකා බැංකු සේවක සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
මේ වන විට පාඩු ලබන පව පවසමින් රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවකට රාජ්‍ය බැංකුවලින් මුදල් පොම්ප කළ නමුත් ඒ කිසිදු මුදලක් නැවත පියවීමට කටයුතු කර නොමැති බවත් බිලියන ගණන් ණය ලබා ගත් ව්‍යාපාරිකයන් හා පුද්ගලයින්ගෙන් ඒවා ලබා ගැනීමට කටයුතු කර නොමැකි බවත් සංගමයේ සභාපති චන්න දිසානායක    පවසා සිටියි.

ණය නොගෙවා සිටින පුද්ගලයින්ගෙන් සහ ආයතනවලින් එම ණය නැවත අය කර ගැනීමට කටයුතු නොකළහොත් සියලුම නීති රීති පසෙකලා මෙම වංචනිකයන්ගේ සියලු තොරතුරු සමාජ ගත කරන බවද හෙතෙම අවධාරණය කරයි. 

ගනුදෙනුකරුවන්ගේ රහස්‍යභාවයන් එළි කිරිම කළ නොහැකි බැවින් එයට මුවා වී ණය ලබා ගත් පුද්ගලයින් හා ආයතන ණය  ගෙවීම පැහැර හැර ඇතැයි හෙතෙම පෙන්වාදේ.

මේ වන විට රාජ්‍ය බැංකුවවලින් ණය ලබාගෙන නොගෙවා ඇති මුදල බිලියන 916ක් බව මහබැංකු අධිපතිවරයාගේ වාර්තාවෙන් පවා පසුගියදා හෙලිවූ බවත් මහජනතාවගේ මුදල් නැවත ඔවුන්ට හිමිවිය යුතු බවත් චන්න දිසානායක  පෙන්වාදේ.

බැංකුවලින් ණය ලබා ගත් කිසිදු පුද්ගලයෙකුගේ ණය කපා හැරිය නොහැකි නමුත් ඔවුන් නොගෙවන  ණය මුදල බැංකුවේ ලාභයෙන් පියවීම සිදුකරන බැවින් මහජනතාවට හිමි විය යුතු ලාභය  මෙසේ ණය ගෙන නොපියවූ  පුද්ගලයින් කළ පාඩුව පියවීමට යොදා ගැනීම කොතරම් අසාධාරණදැයි සභාපතිවරයා විමසා සිටියි. 
-lankasara
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka