gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බඩ්කළ කාර් හා ජීප් 500ක් බලවත්තු අතේ

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වටිනා වර්ගවලට අයත් ජීප් හා කාර් රථ 500ක් පමණ දැනට විවිධ ධනවත් හා බලවත් පුද්ගලයන් සතුව ඇතැයි වාර්තා වේ.
මේ තොරතුරු හෙළිව ඇත්ත‌ේ අනුමත රේගු බදු නොගෙවා වාහන අමතර කොටස් ආනයනය කර පසුව ඒවා එකලස්  කර සුඛෝප භෝගී වාහන නිපදවීමේ දැවැන්ත ජාවාරමක් අල්ලස් දූෂණ කොමිසම විසින් කොටු ගැනීමත් සමඟය. 

මේ නිසා රජයට අහිමි වී ඇති බදු ආදායම රුපියල් කෝටි සිය ගණනක් බව පැවසේ.

මේ වන විට එයින් වාහන දෙකක් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමේදී මේ මහා පරිමාණ ජාවාරම ගැන තොරතුරු හෙළිදරව් වී ඇතැයි පැවසේ.

මෙහි මුල්ම සැක කටයුතු වාහනය පසුගියදා කුරුණෑගලදී අත්අඩංගුවට පත් විය.

වාර්තා වන ආකාරයට මෙම ජාවාරම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ ඉහළ නිලධාරියකු හා සහකාර ප්‍රවාහන කොමසාරිස් මට්ටමේ නිලධාරියකු ද සම්බන්ධ බව පැවසේ.

මෙලෙස වංචාකාරී ලෙස ලියාපදිංචි කරන ලද අලුත් ජීප් හා කාර් රථ සඳහා ලබා දී ඇති ඇතැම් අංක ට්‍ැක්ටර් මෝටර් සයිකල් හා ලොරි රථවලට කලින් ලබා දී ඇති වාහන අංක බව කරන ලද පරීක්ෂණවලදී වැඩිදුරටත් හෙළිදරව් වී තිබේ.

මේ සම්බන්ධව දැනටමත් මූලික අධිකරණමය ක්‍රියාමාර්ග අල්ලස් දූෂණ කොමිසම විසින් ගෙන ඇති අතර සෙසු වාහන සොයාගැනීමට යළිත් දීපව්‍යාප්ත මට්ටමින් පරීක්ෂණයක් දියත් කර තිබෙන බව වාර්තා වෙයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka