gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

වියපත් භික්ෂූන් 68ක් වැඩවසන ගිලන් භික්ෂු මධ්‍යස්ථානයක විදුලිය කපයි… වතුරවත් නෑ… භික්ෂූන් 03 නමක් අපවත් වෙලා…අවසන් කටයුතු පවත්වා ඇත්තේත් අඳුරේ…

ගිලන් වූ භික්ෂූන් 68 දෙනෙකු වැඩ වාසය කරන හංවැල්ල, කළුඅග්ගල, ගිරා ඉඹුල ප්‍රදේශයේ පිහිටි ගිලන් භික්ෂු මධ්‍යස්ථානයක එක් ලක්ෂ හැත්තෑ හත්දහසකට ආසන්න විදුලි බිලක්  ගෙවා ගත නොහැකිව  විදුලිය විසන්ධි කිරීම හේතුවෙන්  ඇස් නොපෙනෙන, බිහිරි සහ විවිධ රෝගාබාධයන්ට ගොදුරු වී   සරණක් නොමැති වැඩ වාසය කරන  වයෝවෘද්ධ භික්ෂූන් වහන්සේලා  දරාගත නොහැකි පීඩාවක් විඳින බව  එම  මධ්‍යස්ථානයේ අනුශාසක මෝදරවානේ අමිලසිරි හිමියෝ පවසති.
අදාළ විදුලි විසන්ධිය සිදුකෙරූ දිනයේ සිට මේ දක්වා භික්ෂූන්වහන්සේ තිදෙනෙකු අපවත් වී අවමංගල්‍ය කටයුතු පවත්වා ඇත්තේ ද කළුවරේ දැඩි අපහසුතා මධ්‍යයේ බවත් මෝදරවානේ අමිලසිරි හිමියෝ  කියති.

විදුලිය විසන්ධි කිරීම නිසාවෙන් මෙම ගිලන් භික්ෂු මධ්‍යස්ථානය වෙත ජලය වත් ලබා ගැනීමට නොහැකි තත්වයක් උදාවෙන බැවින් විදුලිය විසන්ධි කිරීමට පැමිණි නිලධාරීන් වෙත කොතෙක් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළ ද විදුලිය විසන්ධි කර යන්නට ගිය බව ද උන් වහන්සේ පැවසූහ.

-දෙරණ
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka