gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

‘අපේ ගෝලයන්ට වධ දුන්නොත් අපිත් වධ දෙනවා..’- පොලිස් අපරාධ විමර්ශන ලොක්කාට ඩුබායි සිට පාතාල තර්ජන!

‘අපේ ගෝලයන්ට ගහලා වද දුන්නොත් අපිත් වද දෙනවා’’ යැයි පවසමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ඩුබායි රටේ සිට දුරකථනයෙන් තර්ජන එල්ල වී ඇතැයි පොලිසිය අධිකරණයට ඊයේ (6 වැනිදා) දැනුම් දුන්නේය.

සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මද්දුම රාලලාගේ දුමින්ද ජයතිලක විසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා වෙත කර තිබූ පැමිණිල්ල පිළිබඳව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් පොලිසිය එලෙස දන්වා සිටියේය.

අයිස් මත්ද්‍රව්‍ය සමග සිය ගෝලයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් උරණ වූ ඩුබායි රටේ වෙසෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් මෙම තර්ජන එල්ල කර තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි දන්වා සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් තර්ජනය කරන ලද දුරකථන ඇමතුම් විස්තර ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද දන්වා සිටියේය.

– අරුණ


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka