පර්චසය 2.38 බැගින් හන්තානේ අක්කර 22ක් දෙයි.. වංචාව කෝටි 500යි.. සභාපතිට සුපිරි නිවසක් අල්ලසට..
වත්මන් ආණ්ඩුව යටතේ ඉඩම් බෙදා දීමේ දී රුපියල් කෝටි පන්සියයකට අධික වංචාවක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් සිදුකර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
හන්තාන ප්‍රදේශයේ අක්කර විසි දෙකක් රුපියල් 2.38 බැගින් විකුණා ඇතැයි ද පැවසූ ඔහු එම අවස්ථාවේදීම එකී ඉඩම් ‘හෝම් ලෑන්ඩ්’ සමාගමට පර්චසය රුපියල් ලක්‍ෂ දහය බැගින් විකුණා ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.
මෙම ඉඩම් ගනුදෙනුවෙන් අක්කර 22කින් පමණක් කෝටි දෙසීයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම විසින් වංචා කර ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
අදාළ ඉඩම ලබා දුන් හේතුවෙන් සමාගම් විසින් සොමිසමේ හිටපු සභාපතිවරයාට සුපිරි නිවාසයක් ලබාදී ඇති බවද හෙතෙම පැවසීය.
තමන් මේ ගැන සියලු වංචා සහ ඔප්පු ජනාධිපතිටවරයාට භාරදී ඇති බවත් තොරතුරු ලැබුණු පසුව එම කොමිසමේ සභාපතිවරයා ඉවත් කරන ලද බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ ඉඩම් හා සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට පාර්ලිමේන්තුවේදී අමතමිනි.
පර්චසය 2.38 බැගින් හන්තානේ අක්කර 22ක් දෙයි.. වංචාව කෝටි 500යි.. සභාපතිට සුපිරි නිවසක් අල්ලසට..
2023-12-07T18:07:00+05:30
Gossip Lanka Hot News






