gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නලින් ඉන්දියන් බිත්තර නොගෙන්වූ වංගුව වෙළඳ පොළේ බිත්තරේ ආයෙත් 60යි

උත්සව සමයත් සමග බිත්තර නිෂ්පාදකයන් සහ බිත්තර වෙළෙඳුන් විසින් බිත්තරයක මිල යළි රුපියල් 60 ක් දක්වා ඉහළ දමා තිබේ. නොවැම්බර් මස අග සතියේදී සුදු බිත්තරයක් රුපියල් 40 ත් 42 ත් අතර මිලකට පැවැති අතර, ඉකුත් සතියේදී සුදු බිත්තරයක මිල රුපියල් 44 ත් 46 ත් අතර මිලකට ඉහළ ගියේය.

ඊයේ පෙරේදා සිට යළිත් බිත්තරයක මිල රුපියල් 55 ත් 60 ත් අතර මිලක් දක්වා වැඩිකර තිබේ.

අද (11) නාරාහෙන් පිට ආර්ථික මධ්‍යස්ථානයේ සුදු බිත්තරයක් රුපියල් 50ක් හා රතු බිත්තරයක් රුපියල් 52ක් වන බවද වාර්තා වේ.

ඉදිරි නත්තල් සමයේදී බිත්තර මිල තවදුරටත් වැඩිවනු ඇතැයිද, බිත්තර නිෂ්පාදකයන් බිත්තර මිල ඉහළ දමා ඇතැයිද බිත්තර වෙළෙන්දෝ කියා සිටිති.

බිත්තර මිල ඉහළ යාම නිසා කේක් ඇතුළු රස කැවිලි වර්ගවලද මිල ගණන් ඉහළ දැමීමට සිදුවනු ඇතැයිද බේකරි හිමියෝ පවසති.

වෙළඳ ඇමැති මෝල් කාරයින්ට වඩා භයානකයි

මේ අතර, අදාළ ක්ෂ‌ේත්‍රය පිළිබඳ ප්‍රවීනයන් පෙන්වා දෙන්නේ වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දුගේ අදූර දර්ශී තීන්දු මේ තත්ත්වයට වගකිව යුතු බවයි.

ඔවුන් පෙන්වාදෙන්නේ බිත්තර ඉල්ලුම අඩු ඉකුත් මාසවලදී ‌ ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරමින් සිටි වෙළඳ ඇමතිවරයා බිත්තර ඉල්ලුම වැඩිවන නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී බිත්තර ආනයනය කිරීම අත්හිටවූ බවයි.

ඔහු එසේ ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීම නතර කරනු ලැබුවේ පසුගිය කාලයේදී බිත්තර නිෂ්පාදකයන්ට නිසියාකාරව නොලැබුණු අමු ද්‍රව්‍ය නැවත ලබාදීම මගින් දේශීය බිත්තර නිෂ්පාදනයේ වර්ධනයක් පෙන්නුම් කරණ බව කියමිනි.

ඒ අනුව මව් සතුන් ගෙන්වීමට අවස්ථාව ලබාදීම නිෂ්පාදකයින්ට මුදල් ලබාදීම, බඩඉරිඟු ගෙන්වීමට අවස්ථාව ලබාදීම ඇතුළු කාරණා හරහා මෙරට බිත්තර නිෂ්පාදනය ඉහළ නංවා ගත් බවට ද ඇමැතිවරයා කියා සිටියේය.

කෙසේවුවද, සැබැවින්ම ඔහු සිදු කරනු ලැබුවේ බිත්තර ඉල්ලුම වැඩි කාලයේදී දේශීය වෙළඳ ‌පොලෙන් යැපෙන්නට හැර බිත්තර මිල වැඩිවූ පසු නැවත ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට අවස්ථාව ලබා ගැනීම බවට ද ක්ෂේත්‍ර ප්‍රවීනයෝ චෝදනා කරති.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka