gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙන්න අලුත්ම සමීක්ෂණයේ ප්‍රතිපල නිකුත් වුණා! පාස්කු ප්‍රහාරයට දේශපාලන බලවේග සම්බන්ධ බවට 50%කට වැඩි පිරිසක් විශ්වාස කරනවා!

2019 වර්ෂයේ පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරයට, දේශීය දේශපාලන බලවේග සම්බන්ධ බවට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක්, එනම් 53%ක් විශ්වාස කරන බව පසුගිය ඔක්තෝබර් මාසයේ දී සිදු කරන ලද Syndicated surveys සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
සමීක්ෂණයට සහභාගීවූවන් වෙත ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳව රටේ ප්‍රචලිත මත තුනක් ඉදිරිපත් කෙරුණු අතර, ඒවා අතරින් වඩාත්ම එකඟවන මතය තෝරා ගැනීමට අවස්ථාව ලබාදීම සිදුවිය. එම මතයන් පහත පරිදිය.

එය සිදු කරනු ලැබුවේ අන්තරායකර විදේශ බලවේග සමඟ කටයුතු කළ ශ්‍රී ලාංකීය අන්තවාදීන් විසිනි

එය දේශීය දේශපාලන බලවේග සමඟ කටයුතු කළ ශ්‍රී ලාංකීය අන්තවාදීන් විසින් සිදු කරන ලද්දකි

දේශීය දේශපාලන බලවේග සහ අන්තරායකර විදේශ බලවේග යන දෙකම සමඟ කටයුතු කරන ලද ලාංකීය අන්තවාදීන් විසින් එය සිදු කරන ලදී

53% ක් විශ්වාස කළේ දේශීය දේශපාලන බලවේග මෙයට සම්බන්ධ බවයි – මේ තුළවූ 30% ක් දෙවන පිළිතුර තෝරා ගත් අතර 23% ක් තුන්වන පිළිතුර තෝරා ගත්හ. එය දේශීය දේශපාලන බලවේගවල මැදිහත්වීමකින් තොරව සිදු කරන ලද්දක් බව විශ්වාස කළේ 8% ක් පමණි (පළමු පිළිතුර). 39%ක් වූ ඉහළ ප්‍රතිශතය කියා සිටියේ තමන්ට මේ පිළිබඳව කිසිදු මතයක් නොමැති බව හෝ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරන බවයි.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ කතෝලික හා ක්‍රිස්තියානි දේවස්ථාන තුනක් ද, කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ද ඉලක්කකර ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වූ අතර එහිදී පුද්ගලයින් 269 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

සමීක්ෂණ ක්‍රමවේදය
ඉහත දක්වා ඇති සොයාගැනීම් දීප ව්‍යාප්ත, ජාතික වශයෙන් නියෝජනය වන ශ්‍රී ලංකා වැඩිහිටි පුරවැසියන් 1,029 දෙනෙකුගේ ප්‍රතිචාර මත පදනම් වේ. සමීක්ෂණ නියැදිය සහ ක්‍රමවේදය සැළසුම් කර ඇත්තේ 95% විශ්වාසනීය මට්ටමක් සහ උපරිම වැරදි ආභිතය (error margin) ±3% මට්ටමක පැවතෙන පරිදි ය.
වෙරිටේ රිසර්ච් සහ ජනමත විමසුමට දත්ත එකතු කිරීමට සහාය ලබාදෙන වෑන්ගාර්ඩ් සර්වේ (පෞද්ගලික) ආයතනය එක්ව සම්පාදනය කර ඇති Syndicated surveys නම් සමීක්ෂණ මෙවලම යටතේ මෙම සමීක්ෂණය සිදුකර ඇත. Syndicated surveys හරහා විවිධ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ මතය විමසා බැලීමට වෙනත් සංවිධානවලට ද, අවස්ථාව ඇත.




gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka