සල්ලි නැතිවද? කන්න බොන්න දෙන්න බැරිවද? අවුරුදු 29ක පිළියන්දල මවක් දින හතේ නිවුන් දරුවන් රුපියල් පනස්දාහකට විකුණලා!
උපත ලබා දින 7ක් වන නිවුන් දරුවන් දෙදෙනෙකු මුදලට අලෙවි කළ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි.
රාගම ප්‍රදේශයේ කාන්තාවක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොලීසිය සිදුකළ විමර්ශනයකදී එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
එසේම එම කාන්තාවගෙන් දරුවන් රුපියල් පනස්දාහකට මිලට ගත් රාගම ප්‍රදේශයේ කාන්තාවක් සහ කැලණිය ප්‍රදේශයේ කාන්තාවක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පිළියන්දල ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව කොළඹ කාසල් රෝහලේදී මෙම නිවුන් දරුවන් බිහිකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා සහ නිවුන් දරුවන් අද වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සල්ලි නැතිවද? කන්න බොන්න දෙන්න බැරිවද? අවුරුදු 29ක පිළියන්දල මවක් දින හතේ නිවුන් දරුවන් රුපියල් පනස්දාහකට විකුණලා!
2023-12-07T18:12:00+05:30
Gossip Lanka Hot News






