gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කාදිනල්තුමාගේ බලපෑම් ගැන ඇමති ටිරාන් ගෙන් අනාවරණයක්!

පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන කෙරෙන විමර්ශන සීයට අනූවක් පමණ අවසන් නමුත් කාදිනල් මැල්කම් රන්ජිත් හිමියන්ට ඊට විසඳීමක් අවශ්‍ය නොවන ලෙස හැසිරෙන බව මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍ය ටිරාන් අලස් පාර්ලිමේන්තුවේදී ඊයේ  (23) පැවසීය.

විමර්ශන වල ප්‍රතිඵලයක් ලෙස මෙම අපරාධයට වගකිව යුතු යැයි චෝදනා ලබා සිටින 23 දෙනෙක් තවමත් රිමාන්ඩ්  බාරයේ පසුවන බවද ඇමතිවරයා පැවසීය.

එසේම, වත්මන් විදේශ කටයුතු අමාත්‍යය අලි සබ්‍රි ඇමතිවරයාට අමාත්‍යදූරයක් ලබා නොදෙන ලෙස මැල්කම් රංජිත් හිමි බලපෑම් කළ බවත් ඊට හේතුව කුමක්දැයි උන්වහන්සේගෙන් අසා සිටින විට කියා ඇත්තේ, සබ්‍රි මුස්ලිම් ජාතිකයෙකු නිසා අධිකරණ අමාත්‍යධුරය ලබා නොදිය යුතු බව යයි ද ඇමතිවරයා පැවසිය.  

එසේම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කරමින් විවිධ බෞද්ධ ආගම අදහන විවිධ නිලධාරීන්ට එරෙහිවද කාදිනල් හිමිපෑන්  ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ට  ලිපි නිකුත් කරන බව පැවසු ඇමතිවරයා, මෙම කරුණු වලින් පෙනී යන්නේ යළිත් වර්ගවාදී සහ ආගම්වාදී ගැටුම් ඇතිකිරීමට කාදිනල් හිමි ඇතුළු පාර්ශවයන් අර අදිමින් සිටින බව තමාට හැඟෙන බව ද සඳහන් කළේය.

ජනාධිපති විමර්ශන වාර්තාවේ සියලුම වාර්තා කාදිනල් හිමිපාණන්ට ලබා දුන් නමුත් අදාළ විමර්ශන වල ප්‍රගතිය ගැන කරනු දැක්වීමට උන්වසේට වෙලාවක් ලබාදෙන ලෙස තමන් ඉල්ලා සිටි විට අදාළ විමර්ෂණ වාර්තාව ඉතා දීර්ඝ එකක් බැවින් එය තවමත් අධ්‍යනය කරමින් සිටින බව කියමින් මග හරින බව ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.


''පාතාලය වැඩි වුණේ අරගලය නිසා''

 හරක් කටා වගේ අයට එන හැම කෝල් එකක්ම චෙක් කරන බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

හරක් කටා වැනි අයට එන කෝල් චෙක් කරන්නැයි මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තුවේ දී පැවසූ බව කී අමාත්‍යවරයා, ඒ අය ආශ්‍රය කළේ කවුදැයි යනාදිය පිළිබඳව ද සොයා බලන බව කීය.

එමෙන්ම පාතාල අයගේ වත්කම් බලා  රාජසන්තක කරන්නට වැඩ පිළිවෙළක් සකස් කරන බවත් මේ සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් 118 අංකයට කථා කොට ඕනෑම තොරතුරක් ලබා දෙන්නැයි ද එම තොරතුරුවල රහසිගත බව රකින බව ද අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කළේය.

අරගල සමයේ ආරක්ෂක හමුදාවන් සහ පොලිසියේ නිලධාරීන් ඒ වෙත අවධනය යොමුකර සිටියදී මත්ද්‍රවය ජාවාරම් කරුවන් හා පතල නායකයින් ඉන් උපරිම ප්‍රයෝජන ලබාගත් බව සඳහන් කල ඇමතිවරයා, පාතලය එසේ වර්ධනය වුයේ අරගලය නිසා බව අවධාරණය කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka